තනි තරුව
" ඇල්ෆා කියන නමට
තවත් අර්ථයක්
තියෙනවා.
හැබැයි
.. මේක මං කලින් කිව්ව හේතු දෙක වගේ සැබෑ ලෝකයට සම්බන්ධ වෙන්නේ නම් නෑ .
ජොෂ් !, ඔයා අහල
තියෙනවද,
වෙයා
වුල්ෆ්ස්ලා සම්බන්ධ මිත්‍යා
කතන්දර ගැන ?.
අර්ධ මිනිස් ;අර්ධ වෘක වර්ග ගැන ?."
" ආ .. ඔව්, ඒවා ගැනනම් මං ටිකක් දන්නවා.
මොකද මම.. වෙයා වුල්ෆ්ස්ලා එතකොට vampires ලා සම්බන්ධ චිත්‍රපට කිහිපයක්ම බලලා තියෙනවා .
හරි මට මතකයි;
වෘක
මිනිස්සුන්ට ,
එයාලටම කියලා
වෙන්වුන විශේෂ පදවි තියනවා.
ඇල්ෆා , බීටා , ඔමෙගා කියලා.
එතනිමුත් ඇල්ෆා තමයි ඉහළම පදවිය. එහෙම නැත්නම්
රැලේ ශක්තිවන්තම පිරිමියා වෙන්නෙත්.
Alpha කුලයේ නිතරම දකින්න ලැබෙන්නෙත් පිරිමි අය . 🐺🐺
ඒ වගේම beta, මෙයාලගේ ගැහැනු පිරිමි
දෙපාර්ශවයම ඉන්නවා.
ඇල්ෆලාට වඩා ටිකක් පහත්, ඒත් ඔමෙගාලාට
වඩා ටිකක් උසස්
කුලයක් තමයි මේ බීටා
කියන්නේ.
එයලාගෙ ප්‍රධාන රාජකාරිය තමයි ශක්තිමත් Alphaලා වෙනුවෙන් යටහත්
පහත්ව සේවය කරන එක.
එතකොට ඔමෙගා , වෘක රැලක පහත්ම කුලය, ඒ වගේම වෘකයින් අතර අසරණම , දුක්ඛිතම පිරිස
මෙයාලා කියලා කිව්වත් වැරදි නෑ .
එයාලාට
හැමවෙලේම වෙන්නේ ඇල්ෆා නායකයින්ගේ ආශාවන්, අවශ්‍යතාවයන්
වෙනුවෙන්
තමන්ව පරදුවට තබන්න වෙන එක .
වගේම හැම රැලකම ප්‍රජනන ක්‍රියාවලියේ මූලික පුරුක
වෙන්නෙත් මේ ගැහැණු ඔමෙගාවන්."
ජොෂුවා , මෙලෙස එක හුස්මට වෘක මිනිසුන් පිළිබඳව තම
විස්තරය සම්පූර්ණ කරන්නට වූයේ මහත් උද්යෝගයකිනි. සැබැවින්ම ඒ
මොහොතේදී ඔහු හට හුස්ම ගැනීම පවා අමතක වී ගොස් තිබුණි .
ජොෂුවාගේ මෙම විස්තර කිරීමට සාවධානව සවන් දී සිටි මහාචාර්යවරයා සතුටු සිනාවක් සමගින් තම දෑත් එක්කොට අත්පොළසන් නද දෙමින් ජොෂුවාව මෙලෙස ප්‍රශංසා කරන්නට කළේය.
" ෂා.. නියමයිනෙ ඇල්ෆා !..
මං හිතුවටත්
වඩා ගොඩක් හොදට ඔයා වෘක මිනිස්සු ගැන විස්තර දන්නවනේ.
ඔයා නම් වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම ඇල්ෆා කෙනෙක්ම
තමයි."
" ඒත් සර් , මේ ..
වෘක මිනිස්සු ගැන
කතා තනිකරම මිත්‍යාවක්ම විතරයි නේද ?."
" ඔව්; ඒක ඇත්ත .
හැබැයි මේ දේවල් විද්‍යාව තුළ ජීවත් වෙන අපි වගේ මිනිස්සුන්ට මිථ්‍යාවක් විතරක් වුනාට
පැරණි සමාජයේ ජීවත් වෙච්ච, තාමත් පැරණි
ඇදහිලි එක්ක ජීවත්වෙන, නූගත්
මිනිස්සුන්ට එයාලගේ ජීවිතය හා බැඳුණු බොහොම වටිනා දේවල් .
" ඔයා දන්නවද ජොෂුවා , සමහර මිනිස්සු
මේ වගේ කතා තමන්ගේම ජීවිත කතාවටත් වඩා විශ්වාස කරනවා; අදහනවා ."
-------------------------------------------
දින කිහිපයක් පුරාවට පාසල් සගයන් සමග තම කාලය ගත කළ ජොෂුවා ,
නැවතත්
සුපුරුදු පරිදි තම දින චර්යාව ආරම්භ කළේය.
පාසලේ තාරකා රාත්‍රියෙන් උපරිම ඵල නෙලා ගන්නට ඔහු
සිතා සිටිය ද ,
හදිසියේ ඇති වූ
අසනීප තත්වය හේතුවෙන් එය කිරීමට නොහැකි වීම පිළිබඳව ඔහු තුළ මද කණගාටුවක්
පැවතුනද ,
එහි දී තමාට නව
මිතුරන් මෙන්ම දින ගණනාවක් පුරාවට තම මනසට කුතුහලය ජනිත කළ එක් පැනයකට ද පිළිතුරු ලබා
ගැනීමට හැකිවීම පිළිබඳව ඔහු මහත් ප්‍රීතියකින් පසුවන්නට විය .
දින කිහිපයකට පසු තම නිදන කාමරයට
යාබදව ඇති සඳලුතලයට පිවිසෙමින් රාත්‍රී අහස දෙස බලා සිටි ජොෂුවා හට එකවරම අහසේ
දීප්තිමත්ව බැබලෙමින් ඇති තරුවක් දිස්විය . 🌟
එම තරුවේ දීප්තිමත් ආලෝකයෙන් මෝහනයට පත් වී
සිටි ජොෂුවා හට එකවරම තම ගුරුවරයා
පෙරදින තමා හට පැවසූ එම වදන් සිහිපත් විය.
" ජොෂුවා !, ඔයා රෑ අහස
දිහා බලන්
ඉද්දි .. ඔයා දැකලා තියනවද .. අනිත් තරුවලට වඩා ටිකක් විශාල, දීප්තියෙන් වැඩී හුදකලා
තරුවක් එහෙම .
හරියට අහසේ
කෙළවරක විදුලි බුබුලක් දල්වලා තියෙනවා වගේ.
ඔයා දන්නවද ඒ තරුව මොකක්ද
කියලා?.
ඒ තමයි අපි
කවුරුත් දන්න ඇල්ෆා සෙන්චූරි A .
එයත් හරියට ඔයා වගේ. හුගක් ලස්සනයි ,ඒ වගේම දීප්තිමත් . හැබැයි හුදකලාවේ තමයි ඉන්නේ.
කොච්චර
දීප්තිමත්ව බැබළුණත් විද්‍යාඥයින්ට පවා එයාව හොයාගන්න ටිකක් කල් ගත වුණා.
ඔයාවත් මට
පේන්නේ
හරියට අන්න ඒ
වගේ.
ඔයා තුළ වටිනාකම් ගොඩක් තියෙනවා. ඒත් ඒවා කාටවත්
තාම පේන්න අරන් නෑ ,
කොටින්ම
කිව්වොත් ඔයාටවත්.
ඒත් මට විශ්වාසයි කවදාහරි ඔයාටත් Alpha century A ට වගේ මේ ලෝකෙ
බබළවන්න පුළුවන් වෙයි කියලා නම්."
.
.
.
"එහෙනම් ඔයා තමයි සර් කිව්ව ඒ.. ඇල්ෆා
සෙන්චූරි A"
Joshua' s pov :-
මම හදවතින්ම වැටෙන හැම මොහොතකම වගේ මං ඒ තරුවෙන්
එන දීප්තිමත් එළිය
ගැන .. අද ඉඳන් හිතන්න තීරණය කළා.
සර් මට කිව්වේ අහසින් පොළොවට උල්කාපාත වර්ෂාවන් කඩා
හැලෙනවා වගේ ,
අපේ ජීවිතවලටත් ඉඳලා හිටලා ප්‍රශ්ණ එනවා, ඒත්
අපි ඒවට සතුටින් මුහුණ දෙන්න ඕන කියලයි.
ඒ වගේම ප්‍රශ්න
නැති මිනිස්සු මේ ලෝකෙ කවුරුත්ම නෑ.
අනිත් එක ප්‍රශ්න වලින් තමයි අපි අපේ ජීවිතයට
අලුත් අත්දැකීම් ලබා ගන්නේත්. ප්‍රශ්න නැති ජීවිතෙත් හරියට පොකුණක තියෙන එක තැන පල් වෙන
ජලයට සමානයි,
නිශ්චලයි; හැබැයි කිසිම
අර්ථයක් නෑ.
සර් කියන්නේ.. ජීවිතේත් හරියට මුහුදු රළ වගේ
වෙන්න ඕනෙලු,
එතකොට තමයි
ජීවිතේ නියම රස දැනෙන්නේ කියලා .
ඒ වගේම මම මගේ අනාගතය වෙනුවෙන් අලූත්
බලාපොරොත්තු ඇති කර ගන්න තීරණය කර ගත්තා.
මුලදී අනාගතය ගැන කිසිම සැලසුමක් නොතිබුණු මම .. අන්තිමේදී
තීරණය කළා කවදහරි නාසා ආයතනයට සම්බන්ධ තාරකා විද්‍යාඥයෙක් වෙනවායි කියලා.
මගේ ඒ බලාපොරොත්තුවට
පාර කැපුවේ වෙන කවුරුත් නෙමෙයි .. මට අලුතින් හම්බුනු මගේම යහළුවෝ.
ඒ වගේම එයාලගේ බලාපොරොත්තුව වුණෙත් ඒකමයි.
-------------------------------------------
දින ගණනාවක් ගෙවී යාමත් සමඟම ස්ටැන්ටන් උසස් පාසලේ ක්‍රීඩාව
සඳහා වෙන් වී ඇති ක්‍රීඩා සමයට දින ටිකෙන් ටික ලං විය.
පාසලේ ක්‍රීඩා සතිය වෙනුවෙන් පාසලේ සෑම
සිසුවෙකුම කුමක් හෝ ක්‍රීඩාවක
නිරත විය යුතු වීම පාසලේ ප්‍රධාන නීති වලින් එකකි .
පාසලේ ක්‍රීඩා සතිය වෙනුවෙන් ගුරුවරු ,සිසුන් මෙන්ම විදුහල්පතිවරයාද තම සියලු රාජකාරි පසෙකලා ක්‍රීඩා පිට්ටනිය වෙත ඒකරාශි වී සිටීම ස්ටැන්ටන් විදුහල තුළ සෑම වර්ෂයකම දක්නට ලැබෙන සුවිශේෂි දසුනකි.
කුඩා කාලයේ සිටම තම කාමරයට වී වීඩියෝ ක්‍රීඩාවල නිරත වී සිටි ජොෂුවා හටද මෙම වසරේ ක්‍රීඩා සතිය ඉතා සුවිශේෂී සතියක් විය.
ඊට හේතුව මීට
පෙර ඔහු රූපවාහිනියෙන් පමණක් නරඹා තිබූ පාපන්දු තරග වලට, මෙවර ඔහු හට ක්‍රීඩකයකු
ලෙස තරඟ වැදීමට අවස්ථාව හිමිව තිබීමයි.
Soccer ; නැතිනම් පාපන්දු ක්‍රීඩාව පිළිබඳව කතා
කරන විට දී පවා ජොෂුවාගේ ඇඟට අමුතු
ජවයක් එක් වුවද,
මේ ඔහු ක්‍රීඩකයකු
වශයෙන් පාපන්දු ක්‍රීඩාව සෙල්ලම් කිරීමට යන පළමු අවස්ථාව විය.
ප්‍රේක්ෂකයෙකු ලෙස පාපන්දු පිළිබඳ මහත් දැනුම් සමුදායක් තමා
සතු වූවද,
ක්‍රීඩකයෙකු
වශයෙන් ඔහු පා පන්දු පිළිබඳව මළපොතේ
අකුරක් නොදැන සිටීම හේතුවෙන් ජොෂුවා මේ වනවිට පසුවන්නේ මදක් කැළඹීමකිනි.
-------------------------------------------
" සුභ සැන්දෑවක් සියලු දෙනාටම ."
" මම තමයි ඔයාලගේ football coach ට්‍රයි ගිව්
ලී."
Stanton විදුහලේ පාපන්දු
පුහුණුකාරවරයා මෙසේ තමාව හඳුන්වා දෙන්නට වූයේ පාපන්දු ක්‍රීඩාවට අලුතින් එක්වී
සිටින පාසලේ නවක සිසුන් හටය.
" හොඳයි කෝ එහෙනම් අත උස්සන්න බලන්න මෙතන පා
පන්දු ක්‍රීඩාව ගැන මළපොතේ අකුරක් දන්නේ නැති අය.
මම මේ අදහස් කලේ පාපන්දු කවදාවත් සෙල්ලම් කරලා
නැති අය ගැන මිසක් ටීවී එකේ soccer මැච් බලලා නැති අය ගැන එහෙම නෙමෙයි."
පුහුණුකරු මෙසේ සිසුන්ගෙන් විමසද්දී , ජොෂුවා වටපිට බලමින්
හිමින් සීරුවේ තම එක් අතක්
ඉහළට ඔසවන්නට
වූයේ.. කටේ හිරවී තිබූ කෙල
ගුලියද
අපහසුවෙන් ගිල
දමමිනි .
" බොහොම හොඳයි කොල්ලො.. ඔය ළමයා ඔය විදිහට මං ඉස්සරහ අවංක වුන එක ගැන මම බොහොම සතුටු වෙනවා.
කොහොමවත් පාපන්දු ගැන
ටිකක් දැනගෙන පණ්ඩිතකම් කියවන පිස්සොන්ට වඩා මෙලෝ සසරක් දන්නේ නැති ළමයින්ට උගන්වන
එක මට වඩාත් පහසුයි .
පුහුණුකරු මෙසේ පැවසද්දී ජොෂුවාගේ සිත තුළ තමා පිළිබද ආත්ම අභිමානයක් හීනියට දළුලා ගෙන ආවේය.
ඒ Mr. ට්‍රයි ගිව් ලී වැනි සැර පරුෂ ,ලෙහෙසියෙන්
කිසිවකුගේ හොඳක් නොකියන පුද්ගලයෙකුගෙන් පළමුවරට ප්‍රශංසාවක් ඇසීමේ ප්‍රීතිය නිමිත්තෙනි.
සැබවින්ම උස අඩි 7.5 ක ට වඩා වැඩි
උත්තුංග දේහධාරී ශරීරයක් හෙබි , හිස මුඩු කොට කපා ඇති ,මුහුණින් පෙනෙන
අයුරින් ම ගතිගුණ ද ඉතා සැර පරුෂ වූ, කළු ජාතික පුද්ගලයෙකු ලෙස; පාපන්දු
පුහුණුකරු ට්‍රයි ගිව් ලී මහතා හැඳින්විය හැකිය.
කිසිවෙකු ජොෂුවා ගේ තාරකා විද්‍යා ගුරුවරයා ස්වර්ගයට
සමාන කළහොත්,
මෙම පුද්ගලයා
සමාන කළ හැක්කේ උණුසුම් ලෝ දිය ගලන නිරයකටම ය.



😍❤️
ReplyDelete👍🏼 👏🏽❤️
ReplyDeleteAne lassanai ❤️
ReplyDeleteවාව්
ReplyDelete