හේතුව
ජොෂුවා තම දෙනෙත් විවර කර බලද්දී ඔහු හට එකවරම දිස්වූයේ , මෙතෙක් වේලා ඔහු වට කර තිබූ ඝන අන්ධකාරය වෙනුවට ආලෝකයෙන් වටවු අවකාශයකි.
වේදනාවෙන් කකියන තම හිසට අත තබාගනිමින් ඔහු , තමා සිටින කාමරය පුරාවට නෙත් යොමු කරමින් බලන්නට වූයේ, තමා දැන් මේ සිටින නුපුරුදු ස්ථානය කුමක්ද යැයි දැනගැනීමටය.
👀 👀👀
එවිට ජොෂුවා හට ඔහුගේ දකුණු
පස කෙළවරට වන්නට කිසිවකුගේ බොදවූ ඡායාවක් එක්වරම දිස්විය .
මද වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු හට එම නොපැහැදිලි
චායාවේ හිමිකරු කවුරුන්දැයි පැහැදිලිව හදුනාගත හැකි විය.
Joshua' s pov :
මිස් උර්සුලා .
ඒ කියන්නේ මං මේ ඉන්නේ ඉස්කෝලේ සික් රූම් එකේ ද?.
ඒත්.. ඇයි ?.
මං ඒ ගමන්ම මගෙ දකුණු අත පැත්තට ඔලුව හරවල බැලුවේ
, භූත ආත්ම වගයක් මගේ ළඟට වෙලා, මං දිහා බලාගෙන ඉන්නවා වගේ මට දැනුනු හින්දයි.
ඇද ලගට වෙලා ඉන්න නොපැහැදිලි භූත ආත්ම දිහා මං ටික වෙලාවක්
බලන් හිටියේ ඇත්තටම මෙතන වෙන්නෙ මොනවද කියල හරියට වැටහීමක් තිබුනේ නැති නිසයි.
මට දැනුනේ මං හරියට පණ පිටින් අපායට ගිහින්, අපායේ යක්ෂයින් ගෙන් බැට කන්න සැරසෙන අහිංසක ආත්මයක් වගෙයි .
ඒත් ටික වෙලාවක් ඒ භූතාත්ම දිහා බලාගෙන
ඉන්නකොටයි මට තේරුනේ, මං
ඉන්නේ ඇත්තටම අපායෙ නෙමෙයි ඉස්කෝලේ
හෙද කාමරයේ ඇඳක් උඩ කියලා .
ඒ වගේම මගේ ඉස්සරහ ඉන්න මේ භූතාත්ම වෙන කවුරුත් නෙමෙයි. මගේ අලුත් යාලුවෝ තුන්දෙනයි , අලුත් සභාපති අයුමියි, ඒ වගේම මහාචාර්ය ජෝන්ස්සුයි කියල.
එයාලාව පැහැදිලිව දැක්කට පස්සෙ මට ඉබේටම වගේ හිනා ගියේ දැන් ටිකකට කලින් මං හිතුව පිස්සු විකාර දේවල් ආයෙමත් මතක් වෙලයි.
ඒත් ඒ හිනාව වැඩි වේලාවක් තියාගෙන ඉන්න
මට හම්බවුනේ නෑ.
මොකද ඒ හිනාව යටපත්
කරන්න තරම් මගේ ඔලුව
කැක්කුම ශක්තිමත් වුන නිසා.
-------------------------------------------
රෝවන්:- " ජොෂුවා, ඔයාට දැන් කොහොමද? ."
ජොෂ් :- " මගේ ඔලුව නිකං.. රිදෙනවා වගේ මට දැනෙනවා."
ඔලිවර් :- " ඔයාගේ ඔලුව
රිදෙන එක නම් ඉතින්
පුදුමයක් නෙමෙයි ,
මොකද ඔයා පැය
විසිහතරක් පුරාවට නිදාගෙනනේ හිටියේ."
ජොෂ් :- " මොනවා !, පැය 24 ක්?.
ඒත් .. මට එකපාරටම මොකද වුණේ කියලා මට මුකුත් මතක නෑනේ .
මට මතකයි අපි හැමෝම එළියට වෙලා තරු රටා නිරීක්ෂණය කරා කියලා නම්, ඒත්.. මං මකොහොමද මේ විදිහට එකපාරටම sick room එකට ආවේ ."
ඔලිවර් :- " ඔයා එක පාරටම පාවෙලා මෙහෙට ආවේ නෑ .
අපියි ඔයාව මෙහාට අරගෙන ආවේ ."
ඩෙන්වර්:- " ඔව් ,ඔයා එකපාරටම කලන්තෙදාලා ඇදගෙන වැටුනා, ඒත් ඇයි ජොෂ් ?, ඔයාට මොකක් හරි අසනීපයක්වත්ද ?."
අයුමි:- " හරි හරි, දැන් ඔය මනුස්සයාගෙන් තවත් ප්‍රශ්න කරලා තේරුමක් නැහැ.
ඇත්තටම ලෙඩෙක් බලන්න ආවම , ලෙඩාගෙන් ඔය විදිහට FBI එකෙන් වගේ ප්‍රශ්න
කරාම හරියනවද?.
ඔයාලා ඉස්සරහ ඔය ඉන්නේ ඔයාලාගෙ අසනීප වෙච්ච
යාළුවා මිසක්,
අපරාධකාරයෙක්
එහෙම
නෙමෙයි තේරුණාද
?."
මහාචාර්යයතුමා :- " ඔව්, මං හිතෙන්නේ
ඔයාලාගෙ අයුමි සහෝදරයා කිව්වත් වගේ ."
අපි ඔයාලගේ යාලුවට ටිකක් විවේක ගන්න ඉඩ ඇරියොත් හොදයි කියලයි.
මොකද දැන් ජොෂුවාට සිහිය ආවා විතරයිනේ."
යනුවෙන් පවසමින් මහාචාර්යවරයා සිසුන් සිව් දෙනා
ද කැටුව හෙද කාමරයෙන් නික්ම යාමට සැරසෙද්දී , ජොෂුවා ඔහුට යාමට නොදී නවතා ගන්නට
වූයේ ,
" සර් ,.. මට ටිකක් සර් එක්ක තනියම කතා
කරන්න පුළුවන්ද ?.
මං දන්නවා ,සර් මට දැන් කියන්න
හදන්නේ ටිකක් විවේක ගන්න කියලනේ.
ඒත් සර් , මේ වෙලාවේ විවේක ගන්නවට වඩා .. සර් එක්ක ටිකක් කතා
කරෝතින් මගෙ හිතට
සුවයක් දැනෙයි කියලා මට හිතෙනවා."
යනුවෙන්
පවසමිනි.
පසු මහාචාර්යවරයා අනෙක් සිසුන් හට පිටතට යාමට
සංඥා කර ,
මිස් 'උරුසුලා' හටද මදක්
ඔවුන්ට තනිවම කතා කරන්නට ඉඩ දී පිටව යන ලෙස ආයාචනා කරන්නට වූවේය.
රැස්ව සිටි සියල්ලෝම වාගේ කාමරයෙන් පිටවී ගිය පසු, මහාචාර්ය ජෝන්ස්; ජොෂුවා නිදා සිටි ඇඳේ කොනකින් වාඩි වන්නට වූවේය.
" හරි, දැන් ඔයාට
මොනවද මට කියන්න තියෙනවයි කිව්වේ ."
පසුව ; මෙතෙක් වෙලා ඇඳේ හාන්සි වී සිටි ජොෂ් ,තම පිටකොන්ද ඇඳේ දාරයට හේතු කර ගනිමින් ඉඳ ගන්නට වූයේ මහාචාර්යවරයා සමඟ කතා කිරීමට පහසු ඉරියව්ව එය වූ නිසාවෙනි.
" සර් ; මට සර්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා ."
" ඉල්ලීමක් ? එකඑකපාරටම "
" සර් , මං මෙහෙම හදිසියේම අසනීප වුන වගක්, කරුණාකරලා මගේ පවුලේ අයට නම් කියන්න එපා. 😭😭
විශේෂයෙන්ම මගේ තාත්තට.
" මං මෙහෙම කියපු ගමන්ම සර් මගෙන් ඊළඟට අහන්න යන ප්‍රශ්නෙත් මං දන්නවා .
.ඇයි මං ඒ විදිහේ ඉල්ලීමක් කරන්නෙ කියලනේ.
" ඒ. . මේකයි, මං දැන් ටික දවසක ඉඳලා මගේ තාත්තා එක්ක පොඩි හිත් අමනාපකමකින් ඉන්නේ.
ඒ වගේම මං මේ ගමන ආවෙත් තාත්තට
හොරෙන් ."
ජොෂ් මෙලෙස පවසන්නට වූයේ වරදකරුවෙකු විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ තම
වරද පාපොච්චාරණය සිදුකරන විලසිනි .
" හ්ම්.. හොඳයි, ඔයා මගෙන්
බැගැහැපත් වෙලා ඉල්ලන හින්දම මං ඒ
ඉල්ලීම ඉටු
කරන්නම්කෝ, ඒත් ඇල්ෆා.. හදිස්සියේ හරි ඔයාට මොකක්
හරි ලොකු අසනීපයක් තිබුනොත් එක
පවුලේ අයට දැනගන්න අරින එක යුතුකමක් නේද?."
" ඔව් ඒක ඇත්ත, ඒත් සර් අද මං කලන්තේ
දාලා වැටුණේ අසනීපයක් නිසා නෙමෙයි , ඒක මට හොඳටම
විශ්වාසයි. අනිත් එක එහෙම අසනීපයක් තියෙනවා නම් මට මෙහෙම හොඳට සර් එක්ක
කතා කරන්නත් බැහැනේ.
" සමහරවිට මං කලන්තෙදාලා වැටෙන්න ඇත්තේ.. උදේ ඉදන් හරියට කෑමක් බීමක් ගත්තේ නැති හින්දා වෙන්න ඇති.
සර් බයවෙන්න එපා, මට එහෙම ලොකු අසනීපයක් නැහැ ,එහෙම හැදෙන්නෙත් නෑ ."
ජොෂ්, මෙලෙස මහචාර්යවරයා ඉදිරියේ පවසන්නට වූයේ
දැඩි ආත්ම විශ්වාසයකිනි.
" හරි ජොෂුවා , ඔයා දැන්
කියන්න තිබ්බ දේවල් කියලා ඉවර නම් මං දැන් යන්නම් ඔයා ටිකක් විවේක ගන්න."
" සර් ..සර් .. පොඩ්ඩක් ඉන්න . මං කියන්න තියෙන දේවල්
කියලා ඉවර වුණත්,
මට සර්ගෙන්
අහන්න තව එක දෙයක්
තියෙනවා."
" ඒ මොකක්ද ?."
" sir , අද නම් මට මේකට
උත්තරයක් ඕනෙමයි.
" ඔන්න සර් අද මේක මට කිව්වේ නැත්නම් මං ඇත්තටම අසනීප
වෙයි."
😭😭
" ඔයා .... ඇයි මට.... alpha කියලා කතා කරන්නේ.
" අද නම් මට ඒකට උත්තරක් ඕනෙමයි ඕනෙමයි
ඕනෙමයි"
ජොෂ්, මෙලෙස ගුරුවරයාගෙන් විමසන්නට වූයේ කුතුහලය නිසා දිලිසෙන දෑස් වලින් ඔහු දෙස බලමින් ය.
" ඇත්තමයි ජොෂුවා ,
ඔයා මූණෙන් පේන
තරම්ම අහිංසක නෑ කියලා නම් මම කලින් ඉදන්ම දැනගෙන හිටියා .
ඒත් ඉතින් මේ තරම්ම මුරණ්ඩුයි කියලනම් දැනගත්තේ අද.
හ්ම්.. හොඳයි හොඳයි ඔයා මගෙන් මේ
තරම්ම
කුතුහලෙන් අහන හින්දම මං
කියන්නම්කෝ ඒකට හේතුව."
-------------------------------------------
" A",
" L" , "P" , "H" , " A"
මේ ඉංග්‍රීසි අකුරු වලින් හැදිලා තියෙන alpha කියන වචනයට
අර්ථ ගොඩක් තියෙනවා.
1) පළවෙනි අර්ථය තමයි.
ඔයා දන්නවද , ග්‍රීක හෝඩිය ගැන ?. , ඒක තමයි අපේ
පලවෙනි හෝඩිය වෙන්නෙත්.
අපි කවුරුත් දන්නවනේ ගොඩක් ඉංග්‍රීසි වචන වලට
මුල පුරන්නේ ලතින් භාෂාව කියලා .
ඉතිං ඒ ලතින් භාෂාවට
මූලාශ්‍ර වෙලා වෙලා තියෙන්නෙත් ඔන්න ඔය කියන පැරණි ග්‍රීක භාෂාවම තමයි.
ග්‍රීක හෝඩියේ මුල්ම අක්ෂරය තමයි
අපිත් alpha
කියලා
හඳුන්වන්නේ ,ඒ වගේම ශුද්ධවූ
බයිබලයට අනුව ඇල්ෆා
කියන වචනයෙන්
ලෝකයේ ආරම්භයත්,
ඔමෙගා කියන
වචනයෙන් පෘථිවියේ
අවසානයත් සනිටුහන්
කරනවා.
2) දෙවැනි අර්ථය තමයි , විද්‍යාඥයින්
කියන විදියට මිනිස් සිරුරෙන් ප්‍රධාන කිරණ වර්ග හතරක් නිකුත්
කරනවා.
ඒ තමයි alpha, බීටා ,නියුට්‍රෝන , ඒ වගේම ගැමා
කිරණ .
ඔය අතරින් බලවත්ම කිරණ වර්ගය වෙන්නේ
ඇල්ෆා ,
ඒත් මිනිස්
ශරීරයෙන්
වැඩි වශයෙන්
නිකුත් කරන්නේ බීටා කිරණ.
ඒත් සමහර විශේෂ අවස්ථාවන් වලදී අපේ ශරීරය ඇල්ෆා
කිරණ නිකුත් කරනවා.
ඒ තමයි අපි තනියම ඉන්න, ඒ වගේම වැඩිපුර
ම කල්පනා කරන වෙලාවන් වලදී.
හරියට.. නාන කාමරයේදි එකේදි, එහෙමත් නැත්නම් නිදාගන්න ඇඳට
යන වෙලාවට වගේ."
" මොනවා ! , නාන කාමරයේදි?.
" සර් මට විහිළු කරනවා නේද?."
" මම නෙමෙයි scientists ලා තමයි එහෙම
කියන්නේ ."
" ඉතින් ඔයා හිතන්නේ..
මාත් නිතරම
තනියම ඉන්න කෙනෙක් නිසා
මගේ ශරීරයෙන්
වැඩි වශයෙන් නිකුත් කරන්නේ ඇල්ෆා කිරණ කියලද?.
ඒකද.. මට ඇල්ෆා කියලා කතා කරන්න හේතුව?..."
🛸 To BE
CONTINUE 🛸🛸

Interesting 👍🏼
ReplyDeleteAdath niyamai ❤️
ReplyDelete❤👍
ReplyDelete