භයානක සත්‍ය
"
ඔන්න නැනී , අද ඉදලා මං
ඉස්කෝලේ ඇරිලා එනකම්
ඔයාට ලොකූම ලොකු රාජකාරියක් පවරලයි
යන්නේ හරිද ?."
යැයි ජොෂ් පවසන්නට වූයේ උණුසුම් කිරි වීදුරුවද එක
කටට ගිල දමමින්මය .🥛🥛
" ඔයාට පුළුවන්නේ නේද මං එනකං අපේ චූටි කූකුව බලාගන්න?.
හැබැයි ඉතින් ඒක ලේසි රාජකාරියක් නම් වෙන
එකක් නෑ නැනී. "
ජොෂ් නැනී හට මෙසේ පවසා පසුව චූටි කුකූ වෙත හැරී,
" මොකද මේ චූටි කුකූ හරිම
නසරානියෙක් හින්දා. " 😏😏
" මං නම් හිතන්නේ නෑ පුංචි වලස් පැටියෝ, මේ පුංචි බලුපැටියා බලාගන්න එක මට එච්චර අමාරු දෙයක් වෙයි කියලා නම්.
මොකද මට ..අවුරුදු 18 ක් පුරාවටම කොටි පැටියෙක්ව බලාගෙන හොඳ පළපුරුද්දක් තියෙනවනේ."
යැයි magi ජොෂ් හට උසුළු කරමින් සිනාසෙන්නට
විය.
මැගීගෙ මෙම වදන් ඇසූ චූටි කුකූද ජොෂුවා හට, කට කොනින් සමච්චල් සිනාවක් පාන්ට වුයේ ජොෂ්ට පමණක් පෙනෙන පරිද්දෙනි.
" හොදයි එහෙනම් චූටි කුකූ මට දැන් ඉස්කෝලේ යන්න
තියෙනවා ,
හොඳ ළමයා වගේ
නැනී
කියන දේ අහගෙන, දඟ කරන්නේ නැතුව ඉන්න ඕන හරිද ?."
" ඔය පැටියා ඔයා ඔය කියන තරම් දඟ බවක් මට නම් පෙන්නේ නෑ ජොෂ් .
මේ බලන්නකෝ හුරතලයට නැට්ට වන වන ඉන්න අපූරුව.
නරකද ඔය බලු පැටියට චූටි කුකූ කිය කිය
ඉන්නේ නැතුව හොඳ ලස්සන නමක්
දැම්මොත්."
එවිට චූටි කුකූ ජොෂ් දෙස හැරී;
" ඒකනෙ, මං මේ මෝඩයාට ඊයේ ඉඳන්ම කියන්නේ, මට ලස්සන නමක්
දාන්න කියලා,
කොහෙද ඉතින් මං
කියන දෙයක් අහන එකක් ඈ."
යැයි පැවසීය. ජොෂ් හට ඌ පැවසු දේ හොදින ඇසුණත්, ඒසේ පවසන විට චූටි කුකූගේ කට සෙලවෙන බවක් නම් ඔහු හට නොපෙනෙන්නට විය.
"ඒ කියන්නේ.. මට දැන්
බල්ලන්ගේ හිත් කියවන්නත්
පුළුවන්ද ?." 😦
-------------------------------------------
ජොෂුවා සුපුරුදු පරිදි මවගේ සොහොනට ගොස්; සොහොනේ සිට
නැවතත් තම බස් නැවතුම්පොළ වෙත පා ගමනින් යන්නට වූයේ.. තම ගෙලෙහි වූ මාලය දෙස බලා කල්පනා
ලොවක අතුරුදහන් වෙමින් ය .
Joshua' s pov :
" උදේ .. මේසය උඩ තිබුණු කොළ කෑල්ලේ කිව්වේ මේ යතුර ගැනවත් ද ?.🔑 🔑
මේක නිකම්ම නිකන් යතුරක් නෙමෙයිද එතකොට .?"
කවුද සැරින් සැරේ අපේ ගෙදරට ඇවිත් මෙහෙම එක එක කොළ කෑලි මට දීලා යන කෙනා.
එතකොට ඒ කෙනයි මායි අතර තියෙන
සම්බන්දය මොකක්ද .?."
හ..( සුසුමක් හෙළමින් )
"මට නම් මුකුත්ම හිතාගන්න බෑ..
මගේ 18 වෙනි උපන්දිනේ දවසේ ඉඳන්ම මට
වෙන්නෙම මහා අමුතු දේවල්මයි.
ඒ මදිවට ඊයේ රෑ දැකපු හීනේ; එක හීනයක් වුණත් මට දැනුනේ හරියට ඇත්තම සිදුවීමක් වගෙයි.
ආ! ..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා ,දැන් චූටි
කුකූට ගැලපෙන නමක් හිතන්නත් එපැයි
.
ම්.. ම්..
කොච්චර හිතුවත් ඒ කොටාට ගැලපෙන නමක් මතක් වෙන්නෙම නෑනේ
බලමු "ටයිනි .."
නෑ නෑ ඒ නම කොමන් වැඩී
'ලයිකා..
ලයිකා කියන්නේ අභ්‍යවකාශයට ගිය පළවෙනි බල්ලාගේ නමනේ
එච්චර දෙයක් කරන්න පුළුවන් ඈ අපේ චූටි කුකූට.😏😏
අනිත් එක ලයිකා කියන්නේ ගැහනු සතෙක්නෙ
නෑ නෑ ඒ නම නම් කොහොමටවත්ම හරියන්නෙ නෑ.
ආ! බලමු ..
' කැස්පර් '
ඒ නම නම් එයාට හොඳට ගැලපෙනවා. 🤗🤗
මොකද හම්බුන පළවෙනි දවසේ ඉදන්ම කළේ භූත වැඩමනේ.
ජොෂුවා සෑම මොහොතකම වාගේ කැස්පර් සමග රණ්ඩු වල පැටලුනද, කැස්පර් නම් වූ ඒ අපූරු බලු පැටවා මේ වන විටත් ජොෂුවාගේ ජීවිතයට නැතුවම බැරි කෙනෙක් බවට පත්වී ඇති බව නම් නොරහසකි .
ජොෂ්ගේ සිතුවිලි වලින් 85% කම පාහේ කැස්පර් සිටීමට තරම් කුඩා බලු පැටවා ඔහු හට වශියක් කර ඇති බවට ඔවුන්ගේ සම්බන්ධය දුටු අයෙකුට නම් නිසැකවම සිතෙනු ඇත .
සැබවින්ම ,බලු පැටවා ගැන සිහි වන විට දී පවා ජොෂ්ගේ මුහුණ සිනහවකින් ආලෝකමත් වී යන්නේ ඔහුටත් රහසේම ය .
-------------------------------------------
මෙවර ජොෂ් පන්තියට අඩිය තබන විට දී නම් වෙනදා මෙන් එහි
ඝෝෂාවක් නොතිබෙන්නට වූයේ ඔහු හැර වෙනත් කිසිවෙක් පන්තිය තුළ නොසිටි බැවිනි.
පන්තියට මේ වන විටත් කිසිවකු පැමිණ නොසිටියද, යමකුගේ
අත්අකුරින්, පන්තියේ ඇති කොළ පැහැති ලෑල්ලේ; ( Green
board )
මෙලෙස යමක්
සටහන් කර ඇති අයුරු ජොෂ් හට දැක ගත
හැකි විය .
Terrible and True
කොළ ලෑල්ලේ ඇති අකුරුත් තමා උදෑසන දුටු
අභිරහස් අක්ෂරත් අතර යම් සමාන
බවක් ඇති බවට ජොෂුවා හට එක්වරම වැටහී ගියේ.. මෙම වාක්‍ය දෙස මද වේලාවක් බලා
සිටින විටදීය.
සාමාන්‍යයෙන් පන්තියේ කොළ ලෑල්ල මත ලියා
ඇති දේ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන ජොෂුවා , අද මේ දෙස ඕනෑකමින්ම බලන්නට
තරම් එම වාක්‍යය ජොෂ්ගේ සිතට ආකර්ෂණයක් ගෙන
ඒමට සමත් විය .
Terrible and True
යනුවෙන් ලියා ඇති මෙම වාක්‍ය දුටු පමණින් මෙ
තුළ යම් සැඟවුණු අර්ථයක් ඇති බව නම් මෙය දුටු ඕනෑම අයකුට හොඳින් වැටහෙන කරුණකි .
එනම් යම් රහසක සේයාවක් මෙම වචනය තුළ ගැබ්ව ඇති බැවිනි.
---------------------------------------------------------------------------------------------------------------
පාසලෙන් පසු , වෙනදාට වඩා වේලාසනින් ජොෂුවා නිවස වෙත පැමිණියේ අද දින ඔස්බර්ට්ගේ ප්‍රතිකාර සඳහා රෝහලට යාමට වෙන්කර ඇති දිනය වූ බැවිනි.
" නැනී .. චූටි .. නෑ නෑ .. කැස්පර්.. ! ඔන්න මං ගෙදර ආවා.
නැනී .. අද මොනවද රෑට කන්න තියෙන්නේ?. "
" කන්න තියෙන්නෙ
මොනවද කියල පස්සේ බලන්න පුළුවන් ඉස්සෙල්ලාම ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ.
ඔය විෂ බීජ පිරුණු
අත්වලින් නම් මේ කෑම අල්ලන්නවත් හිතන්න එපා."
" හොදමයි හොදමයි මහ රැජින."
යනුවෙන් පවසමින් ජොෂ් තම කාමරය වෙත
ලහිලහියෙ දුවන්නට වූයේ පඩිපෙලේ පඩි
දෙකින් දෙකට පාද තබමින්ය.
-------------------------------------------
ජොෂුවා හට ද කෑමට යමක් ලබා දුන් මැගී
"ආ මෙන්න ඔයාටත්."
යනුවෙන්
පවසමින් කැස්පර් හටදපු කිරි පිරුණු භාජනයක් පිරිනැමීය .
"ඒක නෙමෙයි ජොෂ් , මම කියන්නමයි හිටියෙ රෑට නිදා ගන්න කොට නම් මේ බලු පැටියාව නිශ්ශබ්ද කරලා තියාගන්න වෙයි . නැත්තං දන්නවානෙ ඔයාගේ තාත්තාගේ හැටි .
ඊයේ රෑ මට ඇහුණා මූ උඩුබුරනවා.
අපි තුන්දෙනාගෙම හොඳ වෙලාවට තමයි ඊයේ පාස්ටර් ෆ්‍රැන්සිස් ගෙදර හිටියේ
නැත්තේ ."
එවිට ජොෂ්ගේ මුහුණ එකවරම අඳුරු වී යන්නට වූයේ
දීප්තිමත් හිරු කිරණ ගිලගත් කළු වළාවක් පරිද්දෙනි .
🛸 TO BE
CONTINUE 🛸🛸
මොකද..

හරිම ලස්සනයි ❤️
ReplyDeleteSuper 😍
ReplyDeleteGreat ❤
ReplyDelete