Monday, 3 April 2023

Alpha – chapter 21

 

කුතුහලය





 " ඔයා දන්නවනෙ ජොෂුවා ,අපි ජීවත්වෙන රට කොයි වගේ රටක්ද කියලා. අපේ මිනිස්සු සමේ  වර්ණයෙන් පවා බෙදිලා ඉන්නේ .

ඉතින් ඒ වගේ රටක ෆ්ලොයිඩ් වගේ කළු හමක් තියෙන කෙනෙකුට අත් වෙන ඉරණම මං ඔයාට අමුතුවෙන් තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ.

සුදු මිනිස්සුන්ට වහල්කම් කරන එක නීග්‍රෝ ජාතිකයන්ට උරුමයෙන්ම ලැබෙන දායාදයක්, ෆ්ලොයිඩ්ටයි එයාගෙ පවුලේ අයටයි කියලා ඒකේ වෙනසක් වුණේ නෑ .

මං මේ දේවල් ඔයා එක්ක බෙදා ගන්න එකට.. ඔයාගෙ අමනාපයක් නෑ නෙ ජොෂ්, මොකද මම නිග්‍රෝ ජාතිකයින්ට පක්ෂ පාතීව කතා කරන නිසා.. "

 යනුවෙන් පවසා ඔස්බර්ට් මදකට තම කතාව අතරමග නතර කර ජොෂ්ගේ මුහුණේ ඉරියව් පරික්ෂා කර බලන්නට විය.

ජොෂ්ගේ මුහුණේ ඉරියව් වලින්ද පිළිබිඹු වූයේ.. ඔස්බර්ට්ගේ අදහස් වලට තමා එකගයි යන ස්වභාවයක් වූ බැවින් ඔස්බර්ට් තම කතාව යළි මෙලෙස අරඹන්නට විය.

" ෆ්ලොයිඩ්ගෙ පවුල අපේ පවුලට වැඩ කරන්න කලින්; එයාලාගේ අයිතිය හිමි වෙලා තිබ්බේ (වහලුන් ලෙස)  ශුද්ධ ඇමෙරිකානු පවුලකට .

" ඒක නම් ඇත්තටම විහිලුවක් ; ඇමරිකානුවෝ කවද්ද ශුද්ධ ජාතියක් උනේ."

මෙලෙස එකවරම ඔස්බර්ට්ගේ කතාවට බාධා කරමින් ජොෂුවා පවසන්නට වූයේ ආවේගය අතරින් හටගත් අවඥා සහගත සිනාවක් ද සමඟිනි.

"ඔව් ඒක ඇත්ත. ඒත් ඒ අයගේ මත වලට අනුව ඇමරිකානුවෝ කියන්නේ මිශ්‍ර නොවුණු ලේ තියෙන ශුද්ධ ජාතියක් .

ඉතින් එයාලා මෙහෙම හිතන්න හිතන්න එයාලගේ සිත් වල , ඇමරිකාවට පිටතින් ගෙනාපු, කළු හම ඇති අය ගැන ඇති වෙලා තියෙන පිළිකුල තව තවත් වැඩි වෙන්න පටන් ගත්තා.

ඉතින් තමන් ශුද්ධ ජාතියක් කියලා හිතාගෙන ඉන්න සමහර ඇමරිකානුවන්ගේ හිත්වල තියෙන මාන්නය වැඩි වෙන්න , වැඩි වෙන්න එයාලා නිග්‍රෝ ජාතිකයන්ට සැලකුවේ හරියට සත්තුන්ට සලකනවාටත් වඩා අන්ත , අමානුෂික විදිහට.

ෆ්ලොයිඩ්ගෙ පවුලටත් අන්න ඒ විදිහේ අනන්ත දුක් කන්දරා වලට මුහුණ දෙන්න සිද්දවෙලා තියෙනවා .
ඒවා මට මෙතන ඔයාට කට ඇරලා කියන්න බැරි තරමට දරුණුයි ජොෂුවා."

එසේ පැවසූ ඔස්බර්ට් දැඩි සුසුමක් හෙලමින් නැවතත් තම කතාව ආරම්භ කරන්නට වූවේය.

"ෆ්ලොයිඩ්ගෙ පවුල ඒ පවුලට වහල්කම් කරන කාලේ ෆ්ලොයිඩ්ට, යාන්තම් වයස අවුරුදු අට ලැබුවා විතරයිලු.

ඒ විතරක් නෙමෙයි එයා එතකොට ගොඩක් කටකාරයිලු .ඒ වගේම එයා පුංචි කාලෙ ඉඳලම එයාගේ පවුලට හුඟක් ආදරෙයි.
ඉතිං එයාගෙ ස්වාමියා ෆ්ලොයිඩ්ගෙ පවුලේ උදවියට අනන්ත වදහිංසා පමුණුවද්දි , තමන්ගේ පවුලට හුගක් ආදරය කරන පුංචි ළමයෙක් විදිහට එයාට ඒවා කොහොමටවත්ම දරාගන්න අමාරු වෙලා තියෙනවා.

ඒත් පුංචි ෆ්ලොයිඩ් ඒවා අමාරුවෙන් හරි ඉවසන්න පුරුදු වෙලා හිටියා. ඒකත් එයාගේ පවුලේ අය වෙනුවෙන්.

ඒත් දවසක් එයාගෙ ඉවසීමේ සීමාව පැනලා.. එයා එයාගෙ ස්වාමියා බාලම දරුවා එක්ක රණ්ඩුවක පැටලිලා.

ඒ රණ්ඩුවේ අවසන් ප්‍රතිඵලය තමයි ජොෂ් අද ඔය ෆ්ලොයිඩ් ඔය විදිහට භුක්ති විඳින්නේ .😞😞

 අමනුස්සයෝ ෆ්ලොයිඩ්ට ආයෙ එයාල එක්ක එකට එක කියන්න බැරි වෙන්නම, ෆ්ලොයිඩ්ගෙ  ගේ දිව අගින් ම කපලා දාලා."😠😠

ඔස්බර්ට් මෙසේ පවසන විට දී ස්වභාවයෙන්ම දැඩි සංවේදී පුද්ගලයෙකු වූ ජොෂ්ගේ නෙත් අගින් කඳුළු කැට පනින්නට වූයේ ඔහුටත් නොදැනීමය.

නමුත් ඔහු එම නෙත් අග රැඳි කඳුළු කැට තම දකුණු අතේ මැදඟිල්ලෙන් සෙමෙන් පිසලන්නට  වූයේ ඔස්බර්ට ඉදිරියේ කුඩා දරුවකු මෙන් කදුළු සැලීමට ඔහු අකමැති වූ නිසාවෙනි.

" වාසනාවකට වගේ අපේ පවුලට, ෆ්ලොයිඩ්ගෙ අවාසනාවන්ත පවුල මූණ ගැහුනා.

මගේ සීයා කෝඩි ග්‍රීන්ට පුළුවන් වුණා ඒ පවුලට වාසනාව ගෙනත්,එයාලව වහල් බවෙන් මුදවගන්න. 

"ඒත් ඉතිං කතා කරන්න බැරි වුනත් මේ floyd නම් පුදුම හිතුවක්කාරයෙක්.

අපි එයාට කොච්චර තේරුම් කළත් 'ෆ්‍ලොයිඩ් ,ඔයා අපේ පවුලට වහල්කම් කරන්න නෙමෙයි අපි ඔයාව ඒ පවුලෙන් නිදහස් කරගත්තේ' කියලා..

ඒත් එයා කියනවා;  ' නෑ සර් , ඔයාලා වෙනුවෙන් මට මගේ කෘතගුණ දක්වන්න ඉඩ දෙන්න කියලා'.

ඉතින් ඒ නිසා තමයි එයා තාමත් මේ විදිහට අපේ පවුලට වැඩ කරන්නේ.

මං හිතන්නේ ජොෂ් වහල් කම කියන දේ ෆ්ලොයිඩ්ගෙන් දැන් ඈත් කරන්න බැරි තරමට ඒක එයාට ජාණ ගත වෙලාද කොහෙද?. 

 " හරි ජොෂ්, අපි දැන් ෆ්ලොයිඩ් ගැන අමතක කරමුකෝ, මෙන්න මගේ පුංචි ඇල්ෆාට එයාගේ පහුවෙච්ච උපන්දිනය වෙනුවෙන් එයාගෙ අයියාගෙන් පුංචි තෑග්ගක් ."

යනුවෙන් පවසමින් ඔස්බර්ට් තම ඔඩොක්කුවේ වූ කාඩ් බෝඩ් පෙට්ටිය ජොෂුවා හට පිරිනැමීය.

 " මං දන්නවා ඔයාගෙ උපන් දිනය පහු වෙලා දැන් ගොඩක් කල් කියලා, ඒත් මට ඔයාව  මුණගැහුණේ ඔයාගේ උපන්දිනෙන් පස්සේනේ.

  මට ලොකු ආසාවක් තිබ්බ හැමදාම ඔයාට කතන්දර කියනවාට අමතරව ඔයා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න .

හැබැයි .. පොඩි කොන්දේසියක් තියෙනවා;
ඔයාට ගෙදර යනකම් ඔය පෙට්ටිය ඇරලා බලන්න තහනම් .
එකගයි නේ?."

  ( සිනාසෙමින්)  "හරි අයියේ මං එකගයි , ඒ වගේම ඔයාට ගොඩාරියක්..  ගොඩාරියක්.. ස්තුතියි.

ඒත් අයියේ.. ඔයා මට ඉස්සෙල්ලා කතා කරපු නම... "

  "ඇල්ෆා ..

මං එහෙම කියන්න හේතුව මේකයි.  මගේ නම ඔස්බර්ට්නේ, ඉතිං ඒ නමේ තේරුම තමයි සූර්‍යයාලෝකය ,එතකොට සූර්යයාට ආසන්නම තාරකාව මොකක්ද කියල ඔයා දන්නවද?. "

" ඔව් , ඒ තමයි ඇල්ෆා සෙන්චූරි A ."

හරියට හරි . එහෙනම් ඉතින් පිළිතුර සරළයි.

මං සූර්‍යයා නම්.. මට ගොඩක්ම ලඟින් ඉන්න කෙනා තමයි ඇල්ෆා සෙන්චූරි වෙන්නේ ,

ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයා .😁😁

ඒ නිසා ඔයා තමයි ඇල්ෆා."

ඔයත් අයියේ පුදුම තර්කනෙ ඉදිරිපත් කරන්නේ.

ඒක නෙමෙයි අයියේ මං ඔයාට දෙයක් කියන්නද?

ඔයා තමයි මට ජීවත් වෙන එක තවදුරටත් එපා වෙලා තියෙද්දී, අපි ගෙවන මේ ජීවීතය කොයි තරම් වටින එකක්ද මට කියලා.. තේරුම් කරලා දුන්නේ.

ඔයාට ඒකට ගොඩක් ස්තූතියි!.

 වගේම මට විශ්වාසයි ඔයාටත් කවදා හරි ඉස්සර වගේම ඇවිදින්න ලැබේවි කියලාත්, මම ඔයාට  පොරොන්දු වෙනවා අයියේ, මං ඔයාව කොහොමහරි සනීප කරනවා කියලා."


 " හරි හරි ළමයෝ දැන් ඉතින් ඔය ඇති කියෙව්වා, දැන් ඉක්මනට ගෙදර යන්න. නැනී ඔයා එනකන් බලාගෙන ඇති.
ඔයා තවත් වෙලා මෙතන කියෙව්වොත් නම් මට මගේ කදුළු පාලනය කරගන්න බැරි වේවි."

යනුවෙන් ඔස්බර්ට් පවසන්නට වූයේ කඳුළු අතුරින් මතුවූ සිනහවක් ද සමගින් ය.

 

Joshua' s pov :


ඔස්බර්ට් අයියා මට දුන්න පෙට්ටියේ ඇති දේ මොනවා වුනත් ඒක ටිකක් බර දෙයක් වගේ .

ඇයි.. මට මෙහෙම හිතෙන්නේ ,එයා දුන්න පෙට්ටියෙ තියෙන්නෙ පණ තියන දෙයක් වෙන්න ඇති කියලා .

මොකද මේ පෙට්ටියෙ පොඩි සිදුරකුත් විදලා තියෙනවා, හරියට ඇතුලේ ඉන්න කෙනාට හුස්ම ගන්න පහසුවට වගේ.

ඒත් ඉතින්..

අයියා දුන්න පෙට්ටිය කුතුහලය පිරුණු එකක් වුනත්, මට ගෙදර යනකම්ම ඒක ඇරලා බලන්න අවසර නැහැනෙ.

අයියා මා එක්ක එතන හිටියේ නැති වුණත් ,මම මගදීවත්  පෙට්ටිය ඇරලා නොබැලුවේ.. අයියාට දුන්න වචනය අකුරටම රකින්න ඕනේ වුණ නිසයි.

ඇතුලෙ තිබුණ දේ මොකක්ද කියලා දැනගන්න හිතාගෙන මං පෙට්ටිය හොලවලා බලන්න ගියෙත්  නෑ ,මොකද හදිසියේවත් ඇතුලෙ තියෙන දේ සප්‍රාණික දෙයක් නම් ඒකෙන් ඒ කෙනාට හානියක් වුණත් සිදු වෙන්න ඉඩ තිබුනු නිසා .

ඉතින් ඒ වෙනුවට මං කලේ හිමින් සීරුවෙ පෙට්ටියට මගේ කන තියලා, පෙට්ටිය ඇතුලෙන් මොකක්ම හරි ශබ්දයක් ඇහෙනවද කියල බලපු එක .

ඒත් එක්කම.. ඇතුලෙන් ආපු සද්දෙට මගේ පපුව ගැහෙන්න ගත්තේ


ලබ්.. ඩබ්.. ලබ් ..ඩබ් ..

       


 🛸 TO BE CONTINUE 🛸🛸


13 comments:

Do Leave Your Comment 💕❤

Alpha ─ chapter 32

තනි තරුව   " ඇල්ෆා කියන නමට තවත්   අර්ථයක් තියෙනවා. හැබැයි .. මේක මං කලින් කිව්ව හේතු දෙක වගේ සැබෑ   ලෝකයට   සම්බන්ධ වෙන්නේ නම් නෑ . ...