Tuesday, 4 April 2023

Alрha – chaрter 22

 

පුංචි යාළුවා


 

ජොෂුවා ඔහු හට ඔස්බර්ට් විසින් ලබා දුන් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිය වෙත සවන් යොමු කර සිටියදී ඔහු හට ඇසෙන්නට වූයේ යමකු විසින් නින්දෙන් ගොරවනවා වැනි හඬකි.

මෙතරම් කුඩා පෙට්ටියක් තුළින් මිනිසකු නින්දෙන් ගොරවනවා මෙන් ශබ්දයක් ඇසෙන්නට වූ නිසා ජොෂ් එයින් මවිතයට පත්විය.

මන්දයත් ඔහු හට මෙතුළ කිසියම් වූ භයානක සතෙකුගේ සේයාවක් ඇති බවට හැඟී ගිය බැවිනි .

"මේක ඇතුලේ ඉන්නේ කොටි පැටියෙක්වත් ද?,මෙච්චර හයියෙන් ගොරවන්නේ.🤔🤔

 නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ , ඔස්බර්ට් අයියා විහිළුවටවත් මට එහෙම තෑග්ගක්  දෙන එකක් නෑ.

 බැරිවෙලාවත් මේක magic පෙට්ටියක් වත් ද ..?.

ඒත්.. එහෙම වෙන්නේ කොහොමද?.  ඔයාට පිස්සුද ජොෂුවා, එහෙම ඒවා තියෙන්නේ චිත්‍රපටි වල විතරයි . 

 සමහරවිට පොකට් රේඩියෝ එකක් වෙන්න ඇතිඔව් ඔව් එහෙම වෙන්න ඕන ."

මෙලෙස ජොෂ් තමාටම යම් යම් දේ පවසා ගනිමින් ඔහුගේම සිතිවිලි සමග අරගලයක යෙදෙමින් ඉදිරියට ගමන් කරන්නට වූවේය.

 

 " නෑනී! .. මං ගෙදර ආවා!.."

 " හානේ!.. පුංචි වලස් පැටියෝ!.. මොකද අද ටිකක් පරක්කු වුනේ ."

" මම අද එන ගමන් ඔස්බර්ට් අයියාලාගේ ගෙදර ගියා."

"කාගෙ ගෙදරද ගියා කිව්වේ, ඔස්බ්ර්ට් කියන්නේ මොකක්ද."

 " අයියෝ නැනී මොකක්ද නෙමෙයි , කවුද කියලයි අහන්න ඕනේ."

" ඔස්බර්ට් අයියා ගැන තමයි මං දවසක් නැනීට කිව්වේ ; අර මට දැන් අයියා කෙනෙක් ඉන්නව කියල ."

 " ආ ! එයාද එතකොට මේ ඔස්බර්ට්."

" එතකොට දරුවෝ.. , මොකක්ද ඔය අතේ තියෙන පෙට්ටිය."

" අනේ දෙවියනේ!, මගේ චීස් බෝලෙ ප්‍රශ්න පත්තරයක් වෙලානේ.  ඇත්තමයි නැනී තව  කොච්චර නම් ප්‍රශ්න අහන්න හිතන් ඉන්නවද ඔයා මගෙන්?."

යනුවෙන් ජොෂ් මැගීගෙන් විමසන්නට වූයේ සුරතල් ස්වරයෙනි.

 "මේ පෙට්ටිය; එයාගෙන් මට ලැබුන තෑග්ගක් ,උපන් දිනයට.

නැනී .. මට හරි..ම මහන්සි .
මම අද රෑ කෑමට පල්ලෙහාට එන්නෙ නෑ ,පාඩම් වැඩ හුගක් තියෙනවා.

ඔයාට පුලුවන්ද කෑම එක මගේ කාමරේට එවන්න."

පසුව මැගී , ජොෂ් කළ යෝජනාවට එකග වෙමින් හිස සලන්නට වීය.

 

 

---------------------------------------------------------------------------------------------------------------

 

 

" හරි අපි දැන් බලමුකෝ මේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නෙ කියලා .."


යනුවෙන් පවසමින් ජොෂ්  තම ඇඳ  උඩ වූ  පෙට්ටියට අත තබන්නට වූයේ පිපිරීමට ඔන්න මෙන්න තිබෙන කාල බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට සැරසෙන පරිද්දෙනි .💣 💣

පෙට්ටියෙ පළමු පියන විවෘත කිරීමට පෙර ; ජොෂ් දීර්ග හුස්මක් ඉහලට ඇද පිට කරන්නට වූයේය.

පසුව තම දෙනෙත් වසා ගනිමින් ඔහු පෙට්ටියෙ පියන් එකිනෙක විවෘත කළේය .

  සාමාන්‍යයෙන් ජොෂුවා නරඹා ඇති චිත්‍රපට වලදී නම් මෙවැනි තෑග්ගක් ලැබුණු විට, එම ත්‍යාග ලැබුණු පුද්ගලයා තෑග්ග සෙමෙන් සෙමෙන් විවෘත කරන විට දී ,ඒ තුළින් හඬක් නගමින් දඟර සවි කර ඇති කෝලමෙකුගෙ අනුරුවක් එලියට පනින අයුරු ජොෂුවා හට එකවරම සිහියට නැඟෙන්නට විය.🤡🤡

 


නමුත් ඔහු සිතූ පරිදි එවැනි කෝලමෙකු හඬක් නගමින් ඔස්බර්ට් දුන් පෙට්ටියෙන් මතු නොවූ නිසා ජොෂුවා සෙමෙන් ; මුලින්ම පියා සිටි ඔහුගේ දකුණු ඇස ද පසුව ඔහුගේ වම් ඇස ද විවෘත කරමින් පෙට්ටිය තුළට එබී බලන්නට වූවේය.

මෙලෙස පෙට්ටියට එබී බැලූ ඔහුට එහි දැකගත හැකි වූයේ තම පාද හතරම එකට ගුලි කර ගනිමින් වකුටු වී නිදා සිටින කුඩා බලු පැටවකුවය.🐶🐶




 

  නිදා සිටි බලු පැටවා දුටු ජොෂුවාගේ මුවට ඉබේම සිනහවක් පහළ විය.

" අහා..  එතකොට ඔයාද මෙච්චර වෙලා පෙට්ටිය ඇතුළට වෙලා හොල්මන් කර කර හිටියේ "🤗🤗

පසුව මොහොතක් බලු පැටවා දෙස දෑස් දල්වා බලාගෙන සිටි ජොෂ් , බලු පැටවාගේ සුව නින්දට බාධා කරමින් ඔහුව තම දෑතින් වඩා ගන්නට විය.

" අම්මෝ .. මෙයාගේ බර , බටු ඇට දෙකක් වත් උස නෑ, ඒත් පුදුම බරක්නෙ මෙයාගේ ."

  මෙසේ පවසමින් ජොෂුවා, තම මුහුණ දෙපැත්තට වනමින් තම අතේ සිටි බලු පැටවාව මදක් නිරීක්ෂණය කරන්නට විය .

" ආ! පොඩ්ඩක් ඉන්න, ඔයාව මට .. කලින් දැකල පුරුදුයි වගේ."

" ඔයා නේද එදා හවස ,පාරෙ මං එනකොට පඳුරක් ලඟට වෙලා හොල්මන් කර කර හිටියේ ."

" හොරගෙඩියා, එදා කොහොමදමාව දැකලා දාපු සද්දෙ . අද නිකම් ඉන්නේ හරියට පූස් පැටියෙක් වගේ."😁😁

"ඒ කියන්නේ ඔයා මෙච්චර දවසක් හිටියේ ඔස්බර්ට් අයියා එක්ක ද? ,

 ඒත් දැන් ඉදන් කොහොමත් ඔයා මගේනේ. මගේ චූ..ටි කුකූ.

චූටි කුකූ. (සිනා සෙමින් )


මං හිතන්නේ ඒ නම ඔයාට හොදට ගැලපෙනවා .ස්තීර නමක් දානකන් ඔයාට ඒ නම හොඳයි."


යනුවෙන් පවසමින් ඔහු බලු පැටවා ආදරයෙන් තුරුලු කරගත්තේය .♥️♥


------------------------------------------
---------------------------------------------------------------------


චූටි කුකූ හට තම කාමරය තුළම නිදා ගැනීමට සුදුසු පරිදි ස්ථානයක් සකස් කර දුන් ජොෂුවා ,බලු පැටවා හට මෙසේ පැවසීය .

"මේ අහන්න මන් දැන් පාඩම් කරන්නයි යන්නේ, අද මට ගෙදර වැඩ ගොඩාක් දිලා තියෙනවා .

ඒ නිසා.. හොඳ චූටි කුකූ වගේ කාමරේට වෙලා සද්ද නොකර ඉන්න ඕනේ හරිද?.

 ආ ! තව දෙයක් මම ඔයාව ගෙදර තියාගෙන ඉන්නේ තාත්තට හොරෙන්, අඩුම තරමේ මට නැනීටවත් ඔයා ගැන කියන්න විදිහක් නෑ, ඒ නිසා හොඳ ළමයා වගේ අයියට උදව් වෙන විදියට හැසිරෙන්න ඕනේ හරිද ?."

යනුවෙන් පවසමින් ජොෂ් ,උදෑසන තමා විසින් පුස්තකාලයෙන් රැගෙන ආ 'The brief History of time' නැමැති ග්‍රන්ථය පෙරලා බලන්නට සැරසුනි.

ජොෂුවා ,පුස්තකාලයෙන් පිට වූයේ දැඩි කලබලයෙන් වූ බැවින් ඔහු හට පොත විවෘත කර බැලීමටවත් එහිදි වෙලාවක් නොතිබුණේය.

  එබැවින් ඔහු මේ මොහොතේ පොත විවෘත කර බලන්නට වූයේ අඩුම තරමින් පොතේ එක්  පිටුවක් හෝ කියවමින් එහි ඇති කරුණු මොළයට ධාරණය කරගැනීමේ අටියෙනි.


නමුත් පොත් කියවීමට විශාල මැලිකමක් දැක්වූ ජොෂ් , පොත කියවීම පසෙකලා පොතේ පිටු එකින් එක පෙරලන්නට වූයේ.. එහි ඇති විචිත්‍රවත් රූප දෙස බැලීමටය.✨️✨️

සාමාන්‍යයෙන් ජොෂ් පොත්පත් කියවීමට මැලි වූවත් ,පොත් වල ඇති රූප දෙස බැලීමට නම් දැඩි ලෙස ඇලුම් කළේය .

මෙලෙස පොතේ පිටු එකිනෙක පෙරලමින් පොතේ ඇති රූප කෙරෙහි අවධානය යොමු කළ ඔහු හට පොතේ මැද හරියේ වූ පිටුවක් තුළ තිබී කුඩා කොළ කැබැල්ලක් හමුවීය.

එම කොළ කැබැල්ල  , අතට රැගෙන බැලු ජොෂුවා හට, එහි කිසිවෙකු විසින් ඉංග්‍රීසී කැපිටල් අක්ෂරයෙන් 'Hello' යනුවෙන් ලියා ඇති අයුරු දක්නට ලැබී ය.

" ' Hello!'" 

යනුවෙන් පවසමින් ජොෂ් නැවතත් එම කොළ කැබැල්ල  පිටුව තුළටම දමා පොතේ මීළඟ පිටුවට පෙරළීය.

  ජොෂුවා පාඩම් කරන තුරු බලු පැටවා නිශ්ශබ්දව සිටින්නට වූයේ, හරියට ජොෂුවා විසින් බලු පැටවා හට පැවසූ දේවල් සියල්ල ඌ හට වැටහී ගිය පරිද්දෙනි.

පොතේ විචිත්‍රවත් පිටු අතර සැරිසරමින් සිටි ජොෂ් ,එකවරම තම නිදන කාමරයේ වසා ඇති දොර දෙසට නෙත් යොමු කරන්නට වූයේ දොරේ පිටතින් ඔහු හට ඇසුණු අඩි ශබ්දයක් සවන් වැකීමෙනි.



         🛸 TO BE CONTINUE 🛸🛸


 

6 comments:

  1. අක්කා ලස්සනට වචන ගලපනවා 🥺❤️ ඔයා මේ ලියන විදියට ම්ම ගොඩක් ආසයි♥️

    ReplyDelete
  2. Nice story 🤗🤩

    ReplyDelete

Do Leave Your Comment 💕❤

Alpha ─ chapter 32

තනි තරුව   " ඇල්ෆා කියන නමට තවත්   අර්ථයක් තියෙනවා. හැබැයි .. මේක මං කලින් කිව්ව හේතු දෙක වගේ සැබෑ   ලෝකයට   සම්බන්ධ වෙන්නේ නම් නෑ . ...