Tuesday, 21 March 2023

Alpha – chapter 17

 

නොකී කතාව


" ඒත්... ඔයාගේ කතාවට වඩා මගේ කතාව හුගක් වෙනස් ඔස්බර්ට්, මොකද, මං මේ ලෝකෙට ආවේත්, මගේ මුළු පවුලටම අවාසනාව අරගෙන. 

 මං ඉපදුණු නිසා මගේ අම්මට මේ ලෝකෙන් ඉක්මන්ටම යන්න වුණා.  අම්මත් එක්කම මගේ නිවුන් සහෝදරියත් අපිව දාලා යන්න ගියා.

 ඔයා දන්නවද? , මං මගේ අම්මාව එකපාරක්වත් මගේ මේ ඇස්දෙකින් දැකල නෑ. දැකලා තියෙනවා නම් ඉතින් ඒ.. පින්තූර වලින් විතරමයි.


ඒ අතින් බලද්දී ඔයා ගොඩක් වාසනාවන්තයි. මොකද ඔයාට ටික කාලයක් හරි ඔයාගේ අම්මත් එක්ක ඉන්න ලැබුණා.

මට මගේ අම්මා කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න ලැබුනෙත් ,අනිත් අය එයා ගැන කියපු දේවල් වලින් විතරයි .

මගේ අම්මා ගැන කිව්වොත්, මගේ අම්මට හුඟක් ලස්සන නිල් පාට ඇස් දෙකක් තිබිලා තියෙනවා;


ඒ ඇස් හරියට.. මහ සාගරය වගේ දීප්තිමත්ලු . ඒත් එක්කම එයාට තිබිලා තියෙන්නෙ බොහොම සංවේදි හදවතක්.

මට මගේ අම්මාගේ පෙනුම, ඒවගේම එයාගේ ගති ගුණ කොයි විදිහේද?, කියලා දැනගන්න ලැබුණත් ; මට මගේ අම්මාගේ ජිවිත කතාව ඇතුළේ අභිරහසක් වුණ එකම එක දෙයක් තිබුණා. ඒ තමයි.. අම්මා ජීවත් වෙලා ඉද්දි එයාගේ රැකියාව වශයෙන් එයා කළේ මොනවද කියන එක.

මොකද අම්මා තමන් කරපු රැකියාවට හුගක් ආදරය කරපු බවක් මට අනිත් අයගෙන් දැන ගන්න ලැබුණත්. ඒ කිසිම කෙනෙක් මට එයා කරපු රැකියාව මොකද්ද, මොන වගේ එකක්ද කියලා , කියලා තිබුණේ නෑ.   

මං ඒ ප්රශ්නය අහන්න යන හැම වෙලාවකම ගෙදර අය කළේ මාව මග ඇරපු එක.

ඒ නිසා තමයි මට තාමත් හිතෙන්නේ ඒක අභිරහසක් කියලා.

කොහොම නමුත්, ඔයාගේ පවුලට වුණා වගේම, මගේ පවුලෙත් බිදී යාමට හේතුව වුණේ නොහිතපු වෙලාවක, බොහොම අවාසනාවන්ත විදිහට සිද්ද වෙච්ච රිය අනතුරක්. 

ඉතින් ඔන්න ඕක තමයි ඔස්බර්ට්.. හැමෝම දන්න මගේ කතාව.

 ඒත්.... 

හැමෝම නොදන්න තවත් කතාවක් මට තියෙනවා.

.

.

.

මං ඒ කතාව මේ විදිහට පටන් ගන්නම්,

පුංචි කාලෙ ඉඳලම මට මගේ ජීවිතය ගත කරන්න සිද්ද වුණේ හරිම කම්මැලි විදිහට.

 කම්මැලිකමින් පිරිච්චි මගේ ජීවිතයට ටිකක් හරි ජීවයක් ගේන්න පුළුවන් වුනේ , නැනීගේ  කතන්දර වලටයි, මං සෙල්ලම් කරපු වීඩියෝ ගේම්ස් වලටයි විතරයි.

මට මගේ හිතේ තියෙන දේවල් කියන්නවත්, ඒවා අහන්නවත් කිසිම කෙනෙක් හිටියෙ නෑ.

නැනී ගොඩක් වෙලාවට මාත් එක්කම හිටියා වුණත්.  එයා ගෙදර වැඩ එක්ක නිතරම කාර්‍යබහුල වුණ හින්දා, මාව ගොඩක් වෙලාවට එයාට මග හැරෙනවා.

මගේ තාත්තාට නම් .. කොහොමටවත්ම වෙලාවක් තිබුණේ නෑ මං ගැන හොයලා බලන්න.

ඒවගේම මං ඉස්කෝලේ ගිහින් අලුත් යාලුවෝ ඇතිකරගත්තත් , ඒ යාලුකම් වැඩි දවසක් තිබුණේ නෑ .
මොකද ඒ හැමෝම කියන විදිහට මං හරිම භයානක කෙනෙක්ලු.

ඔයාටත් මාව පේන්නේ ඒ වගේද ඔස්බර්ට්?."

"කවුද කියන්නෙ ඔයා භයානක කෙනෙක් කියලා ජොෂුවා . මං නම් මගේ මුළු ජීවිත කාලෙටම දැකපු ලස්සනම පුද්ගලයා තමයි ඔයා."

ඔස්බර්ට්ගේ මේ වදන් ජොෂ්ගේ අදුරු වී තිබූ මුහුණට මද සිනාවක් රැගෙන ඒමට සමත් වීය.

  "ස්තුතියි ඔස්බර්ට්."

"ඒත් ඉතිං.. අනිත් අයට නම් කවමදාකවත්ම මාව හොද කෙනෙක් විදිහට පෙනුනෙ නෑ. අඩුම තරමේ වෙන අයට තියා මගේම තාත්තාටවත්."


මිනිත්තු දෙකක පමණ දැඩි නිශ්ශබ්දතාවයකින් පසු නැවතත් ජොෂුවා, තම කතාව මෙලෙස ආරම්භ කළේය.⌛️⏳


"මගේ තාත්තට මේ ලෝකේ හැම ළමයෙකුගේම ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න වෙලාවක් තිබුණා.  ඒත් එයාගේ එකම පුතාගේ ප්‍රශ්න වලට හැර. 


අන්තිමේදී මගේ ප්‍රශ්න වලට මංම පිළිතුරු හොයා ගන්නවා කියලා මං හිතා ගත්තා.

ඒ නිසා මං කළේ මගේ හිතේ තිබ්බ තනිකම , පාළුව මකාගන්න, මගේ හිත ඇතුලෙන් පුංචි යාළුවෙක්ව හදා ගත්ත එක.

එයා මගෙ වයසෙම කෙනෙක් වුණත් කවදාවත්ම මං එයාව මාත් එක්ක ඉස්කෝලෙට අරං ගියේ නෑ. ඒ වගේම කවදාවත්ම අනිත් අය ඉන්න තැන මං එයා එක්ක කතා කළෙත් නෑ. මොකද එයාවත් මට අනිත් අය වගේම නැති වෙයි කියලා තියෙන බයට. ඒ විදිහට මං, මට හිටපු එකම යාළුවාව පුලුවන් තරම් ආරක්ෂා කළා .

මං එයාට නමකුත් දාලා තිබ්බේ , 'කැස්පර් ඇන්ඩර්සන් ' කියලා." 😊😊

එසේ තම ළමා විය යළිත් සිහිපත් කරමින් ජොෂුවා, තම මුහුණට මද සිනහවක් නගා ගත්තේය.

"හැමදාම මං ඉස්කෝලේ ගිහින් ආයෙත් ගෙදර එන්නේ කැස්පර්ට ඉස්කෝලේ වුණ හැමදේම කියන්න බලාගෙන. මොකද එයා තමයි මගේ ජීවිතේ මට හිටපු එකම වගේම හොදම යාළුවා. ඒවගේම මගේ ජිවීතේ මං හැමෝගෙන්ම හංගපු ලොකුම රහස.

හැබැයි ඉතින් කාලත් එක්ක මං වයසින් වැඩිලා ටිකෙන් ටික පරිණත කෙනෙක් බවට පත් වෙද්දි, කැස්පරුත් අනිත් අය වගේම මගේ ජීවිතෙන් ටිකෙන් ටික ඈත් වුණා.

ඒ වගේම මමත් තනි කමට හුරු වුණා."

මෙතෙක් වෙලා ජොෂුවාගේ කතාවට සාවධානව සවන් දෙමින් සිටි ඔස්බර්ට්, එකවරම ඔහුට මෙසේ පැවසීය.


 " සමහර විට ජොෂුවා දෛවය වෙන්න ඇති අපි දෙන්නව මේ විදියට මුණ ගස්වන්න ඇත්තෙත්.
මට මගේ මල්ලිවයි ,අම්මවයි නැති වුණා වගේම ඔයාටත් ඔයාගේ අම්මවයි අක්කවයි නැතිවුණා. ඒකත් එකම විදිහට.

ඒක නෙමෙයි ජොෂුවා ඔයාගේ අකමැත්තක් නැත්නම් ...... මං ඔයාගෙන් පොඩි ඉල්ලීමක්   කරන්නද?.

ඔයා කැමැතිද අද ඉදන් මගේ මල්ලී වෙන්න?."

ඔස්බර්ට්ගේ මෙම ඉල්ලීම ඉතා කුඩා එකක් වුවද, ඔහුගේ මෙම ඉල්ලීම නිසා ජොෂුවා මහත් පුදුමයකට පත්වූවා මෙන්ම ඉතා ප්‍රීතියට ද පත්වූවා.

 " ඔ.. ඔ.. ඔයා.. මේ ඇත්තටමද අහන්නේ?. ඔයා මාව ඔයාගේ මල්ලි විදියට භාරගන්නවා කියලා. "  

එවිට ජොෂ් විමසූ දෙය යළි තහවුරු කිරීමට මෙන්, ඔස්බර්ට් සිනා සෙමින් ඔහුගේ හිස සිරස් අතට සලන්නට වූවේය.

"  ෂා!.. හරි ෂෝක්, හරිම ෂෝක්. මටත් දැන් මගේම කියලා අයියා කෙනෙක් ඉන්නවා . ඔස්බර්ට් අයියා තමයි අද ඉදන් මගේ සහෝදරයා."

යනුවෙන් පවසමින් ජොෂ් කුඩා දරුවෙකු මෙන් ප්‍රීතියෙන් කෑ ගසන්නට වූයේ, තමා දැන් සිටින්නේ තමාගේම නිවසේ නොවන බවට ද අමතක කරමින් ය.



Joshua 's pov :

මිනිස් ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් . 

ඒ මොකද ඒ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ පිරිලා තියෙන්නේ දුක ,සතුට, වෛරය ,ආදරය වගේ හැඟීම් වලින්.

ඔය අතරෙනුත් මිනිස් සිත වැඩි හරියක් දෝලනය වෙන්නේ දුක සතුට කියන හැගීම් දෙක අතරේ.   මගේ ජීවිතේත් ඒ වගේමයි. මං අද ගෙදරින් එළියට බැස්සේ දුකත් , තනිකමත් පොදිබැදගෙන , ඒත් මං දැන් ආපහු ගෙදර යන්න හදන්නේ සතුටින් පිරුණු සම්පූර්ණ පුද්ගලයෙක් විදිහට .

ඔස්බර්ට් අයියා මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් දුන්නා.
එයා මට කියලා දුන්නා අඩුපාඩු කොච්චර තිබුනත් ශක්තිමත්ව ඉන්න හැටි.
ඒ වගේම මිනිස් ජීවිතේට දුකක් එනවා වගේම කවදාකම හරි ජීවිතේට සතුටකුත් එන බව.

"ස්තුතියි අයියේ ඔයාට , මට ඒ බව දැනෙන්න හැරියට. "

ඒ වගේම මම අයියාට පොරොන්දු වුණා. මට පුළුවන් හැම වෙලාවකම එයාව බලන්න එයාගේ  ගෙදරට එන්න.


------------------------------------------------------------------------------------------------------------


" නැනී මං ගෙදර ආවා!.."

නැනී දන්නවාද?, අද ඉදන් මට මගෙම කියලා වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. 

ජොෂුවාගේ මෙම වැඩිමහල් සහෝදරයා පිළිබඳ කතාව මැගී හට හරිහැටි නොවැටහී ගියත් මෙලෙස ජොෂ් සතුටින් සිටිනු දැකීම ඇය හට මහත් අස්වැසිල්ලක් විය.

මෙසේ සතුටින් උඩ පනිමින් උඩුමහලේ ඇති තම කාමරයට පිවිසි ජොෂ් හට දැක ගත හැකි වූයේ, මැගී විසින් තම නිදන කාමරය පිළිවෙලට අස් කර ඇති අයුරු ය.

" ෂා! අද නම් මාරම හොඳ දවසක් නේ. නැනී මගේ කාමරෙත් ලස්සනට අස්කරලත් තියෙන්නෙ."

ජොෂ් මෙලෙස තමාටම පවසා ගන්නට වූයේ, මීට පැය කිහිපයකට පෙර ඔහු තම පියා සමග ඇති කරගත් ආරවුල, ඔහු හට සහමුලින්ම අමතක වී ගොස් ඇති විලසටය.

 නමුත් එකවරම 

" මොනවා ! නැනී කාමරය අස් කරලා කියන්නේ..

 කොයි දෙයියනේ!.. මගේ ඉස්කෝලේ සිතියම?. 😣  

නැනී ඒක කොයි ලෝකේ දාලාද?.

මෙලෙස කලබලයට පත්ව පාසල් සිතියම සෙවීමට තැත් කළ ජොෂුවාට , මැගී විසින් අලංකාරව සකස් කර තිබූ තම කාමරය, සම්පුර්ණයෙන්ම කණපිට පෙරලීමට ගත වූයේ තත්පරයකටත් වඩා අඩු කාලයකි.

 " අනේ දෙයියනේ ළමයෝ!,මොකද මේ රිලා පැටියෙක් වගේ කාමරේ පෙරලන්නේ?. හපොයි දෙයියනේ! මම පැය ගානක් අමාරුවෙන් අස් කරපු කාමරය නේද මේ ළමයා , ආයෙත් හැඩි කරලා තියෙන්නේ."

 "  නැනී මගේ school map එක , ඒක නැති වුනොත් මට ඉස්කෝලේ ඇතුළේ අතරමං වෙන්නයි වෙන්නේ .

ඔයා දන්නවද නැනී? , අපේ ඉස්කෝලේ ඒ තරමටම ගොඩා...ක් ගොඩා.... ක් ලොකු එකක්."

 " ඉතින් දරුවෝ.. ඒ ගැන මගෙන් කලින්ම ඇහුවා නම් ඉවරයිනේ. මෙහෙම පිස්සෙක් වගෙ කාමරය හැඩි කරන්න ඕනෙද?."

යැයි පවසමින් නැනී, ජොෂුවා හට ඇය විසින් ඔහුගේ කාමරය අස් කරද්දි හමුවූ පාසල් සිතියම ලබා දෙන්නට විය.

 " ඒක නෙවෙයි ' පුංචි වලස් පැටියෝ '  ඔය සිතියම ඔච්චර වටින එකක් නං ඕක මොන එකකටද කුණු  බක්කියට දාලා තිබ්බේ . හොඳ වෙලාවට මම වැදගත් එකක් වෙන්න ඇති කියලා හිතලා අරන් තියාගත්තේ. 

"ආ ! තව ඩිංගෙන් මට අමතක වෙනවා. මේකත් මං අහුලගත්තේ බැල්කනියට යන ජනේලෙ ළඟ තිබිලා."

යනුවෙන් පවසමින් මැගී ජොෂ්ගේ අත්ල මත යමක් තැබුවේය.



         🛸 To BE CONTINUE 🛸🛸🛸

14 comments:

  1. ඉදිරි කොටස එනකම් බලන් ඉන්නවා

    ReplyDelete
  2. ජීවිතේ කියන්නෙ අරුම පුදුම නවාතැනක්🥺 අදත් කතාව හරිම ලස්සනයි ❤️

    ReplyDelete
  3. ලස්සන කතාවක්

    ReplyDelete
  4. 😍😍😍😍❤😍😍😍😍😍

    ReplyDelete
  5. හරිම ලස්සනයි අක්කා ❤️

    ReplyDelete
  6. හරිම ලස්සනයි අක්කි💫❣️

    ReplyDelete

Do Leave Your Comment 💕❤

Alpha ─ chapter 32

තනි තරුව   " ඇල්ෆා කියන නමට තවත්   අර්ථයක් තියෙනවා. හැබැයි .. මේක මං කලින් කිව්ව හේතු දෙක වගේ සැබෑ   ලෝකයට   සම්බන්ධ වෙන්නේ නම් නෑ . ...