Thursday, 23 March 2023

Alрha ー chaрter 18

තාරකා විද්‍යාව





"බොත්තමක් ?. "

 " ඔව් දරුවෝ බොත්තමක් තමයි ,මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා නේද ? , කමිස වල බොත්තම් ගැලෙවුනාම ඒවා අයින් කරන්නේ නැතුව මට මහන්න දෙන්න කියලා. "

" ඒත් නැනී... මේ බොත්තම මගේ ෂර්ට් එකක බොත්තමක් නෙමෙයි නේ."

 මොකක්!  ඔයාගේ නෙමෙයි නම් වෙන කාගෙද ?, අනිත් එක එහෙමනම් කොහොමද මේක ඔයාගේ කාමරේට ආවේ?."

 ඉන් පසු ජොෂුවා කමිස බොත්තම තම අත්ල මතට ගෙන හොඳින් නිරීක්ෂණය කරන්නට 

 " බොත්තම නම් ....  මගෙ එකක් නෙමෙයි නැනී . ඒත්... මට මේ බොත්තමේ තියෙන රටා හොඳට දැකලා හුරුයිත් වගේ.

ආ ! සමහරවිට මේක තාත්තගේ වෙන්න ඇති . ඉස්සෙල්ලා එයා මගේ කාමරේට ආපු වෙලාවේ එයාගෙ කමිසයෙන් වැටෙන්න ඇත්තේ ."


------------------------------------------------------
------------------------------------------------------

උදෑසන 🔆🔆

ස්ථානය ー පාසල  


"සුභ උදෑසනක් ළමයිනේ."



ස්ටැන්ටන් උසස් පාසලේ සාන්ත හෙලේනා ප්‍රධාන ශාලාවට රැස් ව සිටි සිසුන් හට විදුහල්පති ටෝනි ග්‍රිබ්ස් මහතා මෙසේ ආචාර කරන්නට විය.

විදුහල්පති තුමා මෙසේ ප්‍රධාන ශාලාවේ වේදිකාව උඩට වී තම කතාව ආරම්භ කරන විට දී පාසලේ අනෙකුත් විෂයයන්ට අදාළ ගුරුවරු පාසල් වේදිකාව උඩ සිට ඔවුනට වෙන්කර තිබූ ආසන වල හිඳ සිටින අයුරු දක්නට ලැබී ය .

"ඔයාලා හැමෝම දන්නවනේ, අපි අද මේ රැස්වෙලා ඉන්නේ අපේ පාසලේ නව වසරේ පළමුවැනිම  ප්‍රධාන රැස්වීමට කියලා .

 පාසලේ වැඩපිළිවෙළ ගැන මං විශේෂයෙන් සඳහන් කිරීම අනවශ්‍ය වුණත්පාසලට මෙම වසරේදී සිසුන් බොහෝ පිරිසක් අලුතින් ඇතුලත් වෙලා ඉන්න නිසා, මං හිතුවා පාසලේ වැඩපිළිවෙළ පිළිබඳව ළමයින්ව මුල ඉදලා දැනුවත් කළොත් හොඳයි කියලා.

ඒ වගේම මට අලුතින් ආපු ළමයින්ට විශේෂයෙන් කියන්න තියෙන්නෙ, ඔයාලා අපි  දීලා තියෙන පාසල් සිතියම අනිවාර්යෙන්ම හොඳින් අධ්‍යනය  කරන්න. මොකද ඒක පාසල ඇතුලේ තමන්ට තනියෙන් ගමන් බිමන් යද්දි ලොකු පහසුවක් වේවි.

ඒත් එක්කම පාසලේ අලුත් ළමයින්  ඇතුළුව  සියලුම ශිෂ්‍යයන්ට මට කියන්න තියෙන්නේ, පාසලේ ඕනම ස්ථානයක ඔයාලට නිදහසේ හැසිරෙන්න පුළුවන් වුණත්, මෝහන විද්‍යාව සඳහා වෙන්කර ඇති ගොඩනැගිල්ලට ඇතුළු වීම ළමයින්ට සපුරා තහනම් බව.❌❌

කවුරු හරි ළමයෙක් ඒ පැත්තට ගිහින් මට හරි අපේ පාසලේ වෙනත් ගුරුවරයකුට හරි බැරිවෙලාවත් අහු උනොත් එහෙම , ඒ ළමයාට දැඩි දඬුවම් පාසල විසින් ලබාදෙනවා කියන එක ඔය ළමයින්  හැමෝම හොඳින් සිහියේ තබාගත යුතු කාරණාවක් .

ඔය ළමයින්ට මම කියපු දේ හොඳින් වැටහෙන්න ඇති කියලා මං හිතනවා."

යැයි සිසුන් හට අවවාද කරමින් විදුහල්පති ග්‍රිබ්ස් මහතා තම දේශනය අවසන් කරන්නට විය.



Joshua 's pov :-

ප්‍රින්සිපල් සර්ගේ දේශනාවෙන් පස්සේ අපි ඔක්කොම ගියේ තම තමන්ගේ පන්ති කාමර වලට .

සර් දේශනාව වෙලාවෙදි අපිට අනතුරු ඇගවීමක් කළා. එවගේම ඉදිරියේදී පාසල් මට්ටමෙන් පැවැත්වෙන පාපන්දු  තරඟ වලට ළමයින්ට හොඳින් පුහුණුවීම් සිදු කරන්න කියලත් උපදෙස් දුන්නා. ඒත් එක්කම අපි වගේ අලුත් ළමයින් ක්‍රීඩාවේ දී තම තමන්ගේ දක්ෂතා හොඳින් පෙන්නුම් කළොත්, ඒ අයව පාසල් පා පන්දු කණ්ඩායමට බඳවා ගන්න පාසල සූදානම් බවත් , ඒ වෙලාවෙදි  විදුහල්පති තුමා ළමයින්ට සිහිපත් කළා.

  දේශනාව ඉවර වෙලා මං පන්තියට යද්දි තමයි මං දැනගත්තේ අද අපිට මුලින්ම තියෙන්නේ තාරකා විද්‍යාව විෂය කියලා.

හැබැයි ඉතින් අනිත් විෂයන් වගේ තාරකා විද්‍යා විෂය අපිට උගන්වන්නේ පන්ති කාමරය ඉඳලා නම් නෙවෙයි.
ඒකට ළමයින් හැමෝම වගේ තාරකා විද්‍යාව සඳහා වෙන් කරලා තියෙන විශේෂ පරීක්ෂණාගාරයට  යන්න ඕනේ .

මං ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙ තාරකා විද්‍යා කාමරය දුර තියාම දැක්කා වුණත් ,ඒක ඇතුලට ගිහින් බලන්න මට තිබුනෙ පුදුම ආසාවක්.

ඉතින් මං තව දුරටත් ප්‍රමාද වෙන්නේ මොකටද කියලා හිත හිතාම, තාරකා විද්‍යා කාමරේට යද්දි, අපේ තාරකා විද්‍යා ගුරුවරයා වුණ මහාචාර්ය ජෝන්ස් ළමයින් එනකම් සිනාමුසු මුහුණින් විද්‍යාගාරයට වෙලා බලාගෙන ඉන්නව මම දැක්කා.


හැබැයි සර්  අද නම් ඇඳන් හිටියෙ මල් මල් කමිසයක් නෙමෙයි. ඒ වෙනුවට එයා අද වෛද්‍යවරු අඳින විදිහේ  සුදු පාටට හුරු ලෝගුවකින් සැරසිලායි හිටියේ .



------------------------------------------------------------------------------------------------------------



" සුභ උදෑසනක් ළමයිනෙ!  තාරකා විද්‍යාව විෂය මාලාවේ පළවෙනි දවසට ඔයාලා හැමෝවම ආදරෙන් පිලිගන්නවා.

එහෙමනම් දැන් ඉඳලා පැය තුනක් පුරාවට තරුත් එක්ක ඉන්න ලෑස්ති වෙන්න. 🌟 🌟🌟🌟🌟

 ඒ විතරක් නෙමෙයි, ඔයාලට ඕනෙම නං අපි හඳට වුණත් යමු. හඳට ගිහින් හඳේ ඉන්න හාවට   තණකොළ වුණත් කවලා එන්න බැරි නෑ ." 🐇 🐇🐇🐇 🍃🍃🍃

යනුවෙන් පවසමින් මහාචාර්ය තුමා සිනාසෙන්නට විය.

" ඔයාලට මං තරු ගැන, ඒ වගේම සෞරග් ග්‍රහ මණ්ඩලය ගැන උගන්වන්න කලින්මං කැමතියි ඔයාලගේ තාරකා විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනීම කොයි වගේ මට්ටමකද තියෙන්නෙ කියලා බලන්න පොඩි පරීක්ෂණයක් කරන්න .

 මම තාරකා විද්‍යාවට සම්බන්ධව ලේසි ප්‍රශ්න දෙක තුනක් ඔයාලාගෙන් අහන්නම්. ඒවාට ඔයාලා හරියට උත්තර දෙන්න.

  හොඳයි ළමයි කියන්න බලන්න එහෙනම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය   මොකක්ද කියලා ."

" සර් 'බ්‍රහස්පති '. " 

යනුවෙන් එකවරම තම දකුණු අත ඔසවමින් පිළිතුරු දෙන්නට වූයේ 12බී පන්තියේ පොත්ගුල්ලා වන ඩේවිඩ් ය.

"බොහොම හොඳයි."

එතකොට අපි ජීවත් වෙන පෘතුවියට උපග්‍රහයන් කීයක් ඉන්නවද?."

"සර් ! එකයි. ඒ තමයි චන්ද්‍රයා, එතකොට නීල් ආම්ස්ට්‍රෝන් තමයි හඳට ගිය පළවෙනි මනුස්සයා" 

යැයි  මහාචාර්යවරයා විමසු ප්‍රශ්නයටත් වඩා වැඩියෙන් පිළිතුරු දෙන්නට වූයේ රුසියන් සම්භවයක් සහිත ව්ලැදිමීර් යන සිසුවායි.

" හොඳයි ,එහෙනම් දැන් කියමු බලන්න සූර්යයාට ආසන්නව ඇති දීප්තිමත්ම තාරකාව මොකක්ද කියලා ?."

යැයි මහාචාර්ය ජෝන්ස් ඔහුගේ මීළඟ පැනයද සිසුන් හට මෙලෙස ඉදිරිපත් කළේය.

නමුත් මහාචාර්යවරයා ඇසූ අනෙක් ප්‍රශ්න මෙන් නොව මෙම පැනය සඳහා පිළිතුර නම් එතැන සිටි කිසිම සිසුවෙක් දන්නා බවක් පෙනෙන්නට නොතිබුනේය.

මද වේලාවකට පසු එක් සිසුවෙක් එකවරම  "ඇල්ෆා සෙන්චූරියේ" යනුවෙන් හඬ නගා පවසන්නට වූයේ පන්තිය තුල මෙතෙක් වේලාවක් පැවති නිශ්ශබ්දතාවය බිඳ දමමින්ය .


------------------------------------------------------
------------------------------------------------------


Joshua 's pov :-

අමතර විෂයක් විදිහට, තාරකා විද්‍යා විෂය මාත් ඇතුළුව, ළමයි දහදෙනෙක් විතරයි, අපේ පන්තියේ තෝරගෙන තිබුණේ.

තාරකා විද්‍යාව කියන්නේ ගොඩක් කුතුහලය පිරුණු විෂයක් වෙලත් ඇයිඅඩු ළමයි ප්‍රමාණයක් ඒ විෂය තෝරා ගෙන තිබ්බේ කියන එක නම් මට ලොකු ගැටලුවක්.

සමහරවිට ඒක පාසල් විෂය ධාරාවට අලුතින් එක් කරපු විෂයක් නිසා වෙන්න ඇති.

තාරකා විද්‍යාව ගැන අපිට උගන්වන්න කලින්, සර්ට ඕන වුණේ ඒ පිළිබඳව අපිට තියන දැනීම  මැනලා බලන්න .

ඉතින් සර් ළමයින්ගෙන්  ඒ සම්බන්ධව විවිධ ප්‍රශ්න අහන්න ගත්තා,ඒ ප්‍රශ්ණ ඔක්කොටම වගේ  හැම ළමයෙක්ම හරි හරියට උත්තර දුන්නේ ලොකු උද්‍යෝගයකින්.  ඒත් එක ප්‍රශ්නයකට හැර.

' සූර්යයාට ආසන්නයෙන්ම ඇති දීප්තිමත්ම ග්‍රහලෝකයේ මොකක්ද?.'
කියලා සර් අහද්දි  ළමයින් එක්කෙනෙක්වත් ඒකට හරි උත්තරේ දැනගෙන හිටියේ නෑ.

ඒත් එකපාරටම මගේ කටින් "ඇල්ෆා සෙන්චූරි ඒ"
 
කියලා කියවුණේ, මට ඒ ගැන හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

ඇත්තටම මටත් පුදුමයි මං ඒ  ප්‍රශ්නයට උත්තරේ දැනගත්තේ කොහොමද කියලා.

මං මීට කලින් තාරකා විද්‍යාව ගැන සගරාවකින්වත්, ටෙලිවිෂන් වැඩසටහනකින්වත් දැකලා තිබුනෙ නෑ. තාරකා විද්‍යාවට, පිටසකවල ජීවින් ට සම්බන්ධයි කියලා මං මොනම හරි දෙයක් කරලා තිබුණා  නම් ඒ ඉතිං  'Ben ten ultimate aliens' වීඩියෝ ගේම් එක ප්ලේ කරපු එක විතරයි.

කොහොම නමුත් මගේ උත්තරේට සර් ගොඩක් සතුටු වුණ බවක් සර්ගෙ මුහුණෙන්ම මට හොදට පෙනුනා.

 ඒ වගේම පන්තියේ අනිත් ළමයිනුත් මං දිහා කට ඇරගෙන බලාගෙන හිටියේ හරියට වෙනත් ග්‍රහලෝකයකින් පාත් වෙච්ච පිටසක්වලයෙක් දිහා බලන් ඉන්නවා වගේ බැල්මකින්.

ඒත් එක්කම කියන්න ඕනේ, මහාචාර්යතුමා අපිට  තාරකා විද්‍යාව විෂයට අදාළ අලුත් තොරතුරු ගොඩක් කියලා දුන්නා. ඒ වගේම UFO  ගැනත් (Unidentified flying objects — හදුනා නොගත් පිටසක්වළ වස්තූන්.)

ඒත් එක්කම පාසලේ  පුස්තකාලයට ගිහින් ග්‍රහලෝක, තරු රටා, පිටසකවල  ජීවීන් ගැන තියෙන පොත් කියවලා අලුත් කරුණු රැස්කර ගන්න කියලත් මහාචාර්යය තුමා අපිට කිව්වා.



------------------------------------------------------
-----------------------------------------------------


පැය තුනක තාරකා විද්‍යාව පාඩම හමාර කිරීමෙන් පසුව ජොෂුවා විද්‍යාගාරයෙන් පිටතට පැමිණියේ එක් අතකින් තම විෂයට අදාල පොත් ද අනිත් අත තම කලිසම් සාක්කුවේ ද රඳවා ගනිමින් ය.

මෙසේ තමන්ගේම කල්පනාවක වෙලෙමින් ඉදිරියට පැමිණි ජොෂුවා හට එකවරම නෙත ගැටුණේ තමාට මීටර තුනක් පමණ ඉදිරියෙන් ගමන් කරන හුරු පුරුදු ළමයාවය.

ඔහු දැකීමෙන් පියවි සිහියට පැමිණි ජොෂ් , වේගයෙන් ඔහු අසලට ගමන් කරන්නට වීය.

"අද නම් මං එයා එක්ක කතා කරලමයි නවතින්නේ."

" කරුණාකරලා පොඩ්ඩක් නවතිනවාද , මට සමාවෙන්න, මං මෙහෙම එකපාරටම ඇවිත් ඔයාගෙන් අහනවට, මේකයි.... මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා.

ඔයා.... කලින් ඉදන්ම මාව අදුරනවද ?."

එවිට ජොෂුවා දෙස මද වේලාවක් ඇස් ලොකු කර ගනිමින් බලා සිටි ඔහු ' ඔව්' යැයි පැවසීමට තම හිස සිරස් අතට සැලීය.

" හ්හ... ලොකු දෙයක් . මම දැනගත්තා ඔයා මාව දන්නවා ඇති කියලා."

යැයි එවිට ජොෂ්දිගු සුසුමක්ද පිටකරමින්, මුවගට සතුටු  සිනහවක් නගා ගනිමින් ඔහුට එසේ පැවැසීය .

" එතකොට මාත් ඔයාව දන්නවාද?."

යැයි නැවතත් ජොෂ්, ඔහුගෙන් යළිත් විමසීය.
එවිට නැවත හුරුපුරුදු ළමයා ' ඔව්' කීමට මෙන් තම හිස සැලීය.

හරි එතකොට .. ඔයත් මාව දන්නවා නම්, මාත් ඔයාව දන්නවා නම්  , මට දැනගන්න පුලුවන්ද ඒ කොහොමද කියලා ?."


යැයි ජොෂ් නැවතත් ඔහුගෙන් විමසන්නට වූයේ දැඩි කුතුහලයකිනි..

නමුත් ඒ සදහා සඳහා හුරු පුරුදු ළමයා පෙරළා ඔහුට ලබාදුන් පිළිතුර නම් ජොෂ්ගේ සතුටට හේතු නොවීය .


            🛸TO BE CONTINUE 🛸🛸🛸

ඔයාලා හිතන විදිහට හුරුපුරුදු ළමයා දුන්න පිළිතුර මොකක් වෙන්න පුළුවන් ද ?


 


18 comments:

Do Leave Your Comment 💕❤

Alpha ─ chapter 32

තනි තරුව   " ඇල්ෆා කියන නමට තවත්   අර්ථයක් තියෙනවා. හැබැයි .. මේක මං කලින් කිව්ව හේතු දෙක වගේ සැබෑ   ලෝකයට   සම්බන්ධ වෙන්නේ නම් නෑ . ...